රන්මිණිතැන්න දියුණු කිරීමට පියවර
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය (රන්මිණිතැන්න) දියුණු කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්යාපා අබේවර්ධන මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයෙහි (රන්මිණිතැන්න) නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිණි.
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිරුමාණකරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිර්මාණ අඩුවියදමින් සිදුකිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදීමේ අරමුණින් රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානය ආරම්භ කළ බවත් මේ වන විට සිනමා නිර්මාණ සහ ටෙලි නාට්‍ය කිහිපයක් ම එම භූමිය තුළ රූගත කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සංචාරකයින් මෙම භූමියට ආකර්ශනය කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් සතියකට වරක් සංස්කෘතික සංදර්ශනයක් මෙම භුමිට තුළ පැවැත්වීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


popular news
-
anura nanayakkara Saturday, 11 January 2020 10:57 AM
දියුණු කිරීම සඳහා කරන වෙනස් වීම මොනවාද ?? එම කටයුතු සඳහා අඩුම වියදම් සඳහන් කරන කොන්ත්‍රාත් කරුට කොමිස් නොගහ වේදය බර දිය යුතුය .ඇමතිවරයා සහ නිලධාරීන් විනිවිද භාවයෙන් කටයුතු කල යුතුය . හොර නතර කල යුතුමය !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

