රජරට සිසුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මාස 06කට අඩුවෙයි
රජරට වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන්ගේ සායනික විභාගය කල්යෑම හේතුවෙන් ඔවුන් වෛද්‍යවරුන් බවට පත්වූ පසු මාස 06කින් ජ්‍යෙෂ්ඨත්වය පහළ යන බව වෛද්‍ය ශිෂ්‍යයන් සඳහන් කරයි.
මේ මස 15 වැනි දින සායනික විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබූ බවත්, ඒ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 183 දෙනෙකු පෙනී සිටීමට නියමිතව තිබූ බවත් එම පිරිස් පෙන්වා දෙති.
එහෙත් රඳවා තබා ගැනීමේ දීමනාව ලබානොදීම නිසා උපකුලපතිවරයා හැර අංශ ප්‍රධානීන් තනතුරුවලින් ඉල්ලා අස්වීම හා අකුරට වැඩකිරීම හේතුවෙන් විභාගය කල්ගිය බවද ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳව මාහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ අංශ ප්‍රධානීන් තනතුරුවලින් ඉවත් වී සිටින නිසා විභාගය පැවැත්වීමට නොහැකි බවයි. නැවත විභාගය පැවැත්වීමට හැකි වන්නේ මාස කිහිපයකට පසුව බවත් ඒ මහතා පැවසීය.
මේ නිසා රෝහල්වලට ඇතුළත් වීමට සිටිනා වෛද්‍යවරුන් 183 දෙනෙකු යම් කාලයකට අහිමිවී යන බවත්, මීට අමතරව ජ්යෙෂ්ඨත්වයටත් බලපෑම් සිදුවන බවත් හෙතෙම මෙහිදී කියා සිටියේය.

popular news
-
Champa Thursday, 11 October 2018 03:58 PM
මේවා ඉතාම නරක වැඩ. තමන් ගැන විතරක් හිතන රටේ අනාගත පරම්පරාව ගැන නොහිතන මිනිස්සු ඉන්නකම් රටකට හරි යන්නේ නැහැ. විශ්ව විද්‍යාලවල ලොකු උගත්තු කරන්නෙත් එතරම් උගත් නැති කෝච්චි රියදුරෝ කරන වැඩේ මයි බලාගෙන ගියහම. කෝච්චි රියදුරෝ උසස් පෙළ විභාගේ එන දවස් බලල වැඩ වර්ජනයක් කළා. මුළු රටම කම්පා වුනා ඒ කරපු වැඩේට. දැන් විශ්ව විද්‍යාල ආචාර්යවරුත් ඒකම කරනවා. තමන්ගේ දීමනාවක් ගන්න දරුවන්ගේ විභාග තියෙන දවසම අල්ලලා වර්ජනය කරනවා. දෙකේම වැඩි වෙනසක් නැහැ. මම හිතනවා මේ වගේ අවස්ථාවල කරන්න දෙයක් තියෙනවා. ඒකට ආණ්ඩුව මැදිහත් වෙලා සැලසුමක් තියෙනව හදන්න. මෙතනට විතරක් නෙමෙයි අර ලහිරුල විනාශ කරන විශ්ව විද්‍යාල දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙනුත් යමක් කරන්න පුළුවන්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

