මගෙ මැතිවරණය නිදහසේ කර ගන්න ආණ්ඩුව මට ඉඩ දෙන්නෙ නැහැ - රිෂාඩ්
තමන්ට නිදහසේ නිදහසේ මැතිවරන කටයුතු වල යෙදීමට ආණ්ඩුව ඉඩ නොදෙන බවත්, අපරාධ පරික්ෂණ දෙපාර් තමේන්තුව යොදා ගනිමින් බාධා එල්ල කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර් දීන් පැවසීය.
සමස්ථ ලංකා මහජන පක්ෂයේ (අහිල ඉලෛන්ගෙයි මක්කල් ක්‍රොන්ග්‍රස්) සභාපති රිෂාඩ් බදුර් දීන් මහතා මේ බව පවසා සිටියේ පුත්තලම වෙට්ටුකුලම ප්‍රදේශයේ පැවති ජන රැළියකට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දක්වමින් සිටි රිෂාඩ් බදුර් දීන් මහතා රජය දැඩි ලෙස දෝෂ දර් ශණයට ලක්කිරීම සිදු වෙනි.
ඒ මහතා පවසා සිටියේ තමන්ට නිදහසේ මහ මැතිවරණයේ මැතිවරණ කටයුතු කර ගැනීමට අවස්ථාවට බාධා කරමින් අපරාධ පරික්ෂණ දෙපාර් ත මේන්තුව යොදා ගනිමින් ප්‍රකාශ ලබා දීමට කටයුතු කරන බවය.
මෙම හේතු නිසා තම පක්ෂයේ මැතිවරණ කටයුතු වලට බාධා එල්ලවී ඇති බවත්, මෙය බරපතල තත්ත්වයක් බවද හෙතෙම පැවසීය.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

popular news
-
Mani Mavan Saturday, 01 August 2020 04:20 AM
Ane paw. Me baba mowath danne ne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

