පොහොට්ටුවේ මංගල රැළිය අදයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජනරැළියේ මංගල රැළිය අද (09) පැවැත්වෙයි.
ඒ අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදීය.
රැළිය අද පස්වරු 02.00 ට ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජනරැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙයි.
මෙම මංගල රැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන මහත්වරුන්ද සහභාගි විමට නියමිත බව ආරංචි වෙයි .
 
 
popular news
- 
                            සැම පැතුම Thursday, 10 October 2019 08:15 AM ඇමෙරිකන් අතකොලුව (රනිල් හරහා සජිත් ) හා ඇමෙරිකන් පබයා හෙවත් තවත් දස වසරක් යනතුරු (පුරවැසිකම ඉවත් කරගත්තත්) ඇමෙරිකන් රූකඩයක් වීමට දිවුරන අපේ ගෝඨාභය දින්නත් මේක ඇමෙරිකාවේ පදේට නටන කොලනියක් වෙනවා වෙනවා මයි. මේ දෙගොල්ලටම 70 වසරක් මෙන්ම ඇත්තේ පොරොන්දු (ඉටුනොකරන) දේශපාලනයක් පමණි. පොරොන්දු නොව ප්‍රතිපත්ති රටකට අවශ්‍යවෙන බව විස්වාස කරන නිසාම හොර දේශපාලකයින් නැති රටට අවශ්‍ය ප්‍රතිපත්ති සමග එන විකල්පය සමග එක්වෙමු. දැන්වත් තම තමන්ට ලැබෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජන පසෙකලා රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් යුතුකම කිරීමට කාලය පැමිණ ඇත. ඇමෙරිකන් රූකඩය පැමිණියත්, ඇමෙරිකන් පබයා පැමිණියත් මෙරටේ විනාශයේ අවසන් පරාල ඇනයත් අනිවාර්යෙන්ම ගසනු ලැබේ. Reply : 0 0 අතකොළුවක් වීම හා පබයෙක් වීම Thursday, 10 October 2019 08:16 AM අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දැක්වීම. ගෝඨාභය විරෝධී ඡන්ද වල්මත් කිරීම සඳහා 2005 දී මෙන් මෙවර සල්ලි දී ප්රභාකරන් සිය මස්සිනා වන ශිවාජිලිංගම් පැමිණීමෙන් LTTE භීතිකාව හා දේශප්‍රේමය මැනවින් ප්‍රදර්ශනය වෙයි . දෙමල ඩයස්පෝරාව, LTTE හොල්මන්, දේශප්‍රේමය , මුස්ලිම් අන්ත වාදය , ෂරිය විශ්වවිද්‍යාලය වැඩ වර්ජන ආදී සියලු භීතිකාවන් බිල්ලන් මෙහෙයවන්නේ රග දක්වන්නේ එකම ස්ථානයකින් බව පසක් වේ , ප්‍රේමදාස දින්නොත් රනිල් හරහා ඇමෙරිකානු අතකොළුවක් වීමද, ගෝඨාභය දින්නොත් සෘජු වම ඇමෙරිකාවේ රූකඩයක් පබයෙක් වීමද සක්සුදක්සේ පැහැදිලිය Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                