ගෝඨා ළඟ සිටිමින් ගෝඨා පරදන කණ්ඩායම් දෙකක්
ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත් කරන ආකාරයේ වැඩ කරන කණ්ඩායම් දෙකක් එතුමා වටේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා පවසා සිටියේ එක් කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දීමට නියමිත සුළු ජාතීන් ඡන්දය නොදෙන තැනට පත් කරමින් සිටින බවද, අනෙක් කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැණ බැණ ගොස් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබීමට නියමිත ඡන්ද ටික නොලබන තත්ත්වයකට පත්කරන බවයි.
මේ නිසා මෙම කණ්ඩායම් දෙක පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධානය යොමු කළ යුතු බවද අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
සෙනෙවි Thursday, 15 August 2019 11:58 PM
මෙයා උපදෙස් දෙන්නෙ පිට ඉඳන් ඒ වැඩේම කරන ගමන්
Reply : 0 10
Don Friday, 16 August 2019 08:42 AM
කොහොම ආවත්, කවුරු ආවත්, සුළුජාතික චන්ද නැත්නම් කොට උඩ.
Reply : 1 3
thilak Saturday, 17 August 2019 10:10 PM
අනේ ඔයාගේ උපදෙස් දෙනවා අමරවීර / දුමින්ද දිසානායකට , ඔයාලා ගැන මින්ස්සු තීන්දු කරයි.
Reply : 2 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

