ගම්පහ නගරයේ වැසූ මාර්ග සහ වෙළඳසල් විවෘත කෙරේ
කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් වසා දැමූ ගම්පහ පොදු වෙළඳ පොල ආශ්රිත මාර්ග සහ අවට වෙළඳසල් අද ( 22 ) විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සදහන් කරයි.
මේ අනුව කොවිඩ් ආසාදිතයින් නොවූ සහ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවට හදුනා ගැනීමෙන් පසුව නිරෝධායනය අවසන් කළ වෙළඳසල් හිමියන්ට ඔවුන්ගේ වෙළඳසල් විවෘත කිරීමට අවස්ථාව සැලසූ බවත් ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් පසුව ප්‍රතිකාර ලබන්නන්ගේ වෙළඳසල් , ඔවුන්ගේ නිරෝධායන කාලයෙන් පසුව විවෘත කිරීමට අවස්ථාව ලබා දෙන බවත් ගම්පහ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා කීය.
ගම්පහ පොදු වෙළඳ පොල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු හමුවීම සැලකිල්ලට ගනිමින් පසුගිය 8 සහ 9 දින පොදු වෙළඳ පොල වසා දමමින් නගරයේ මාර්ග කිහිපයක් වසා දැමීමට මහ නගර සභාව සහ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පියවර ගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

