කහ ඉරි අනිවාර්ය කිරීමත් මහින්ද රාජපක්ෂ පරාජයවීමට හේතුවක්
කහ ඉර අනිවාර්ය කිරීමත් මහින්ද රාජපක්ෂ පරාජයවීමට හේතුවක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ පෙරේදා (18දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවැති තරුණ වෘත්තීයවේදීන්ගේ සමුලුවකට සහභාගි වෙමිනි.
“පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව මම පුද්ගලිකව එහි වගකීම භාර ගත්තත් ඇත්තටම මොකද වුණේ කියන දේ ගැන විමසීමක් කළා. බෞද්ධාලෝක මාවතේ පිහිටි රජයේ ආයතන කිහිපයක පිරිස් හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් මම විමසීමක් කළා. ඔවුන්ට තේ බීමට තිබෙන්නේ විනාඩි 15යි. බෞද්ධාලෝක මාවතට ගිහින් තේ බීලා එනකොට තේ බොන්න තියෙන වෙලාව අවසන් වෙනවා.
කෙටි මාර්ගයකින් යන්න තිබුණු හැකියාව කහ ඉර අනිවාර්ය කිරීම නිසා ඔවුන්ට අහිමි වුණා. කහ ඉර ළගට ගිහින් පාර මාරු වෙලා තේ බීලා එනකොට තේ බොන්න ලැබෙන වෙලාව අවසන් වෙලා. කහ ඉරෙන් මාරු වුණේ නැත්නම් පැයක් විතර තියාගෙන, සෙනසුරාද ඉරිදා පන්ති එන්න කියනවා. ඒ නිසා අපි බොහෝ දෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයට ඡන්දය දුන්නෙ නෑ කියලා ඒ අය කිව්වා. ඒ කියන්නේ ඡන්දය නොදෙන්න හේතුවක් වුණේ කහ ඉරෙන් පාර පැනීම අනිවාර්ය කිරීම.
ඒ වගේම සිංගප්පූරුවේ ආරක්ෂක ඇමතිවරයා අපේ පාලන කාලයේ ලංකාවට පැමිණි අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා හමුවුණා. කොළඹ නගරය මේ තරම් ඉක්මනට පිරිසිදු කළේ කොහොමද කියලා ඔහු විමසුවා. මිනිස්සු බුලත්කෙල ගහන එක සහ චුයින්ගම් පාර පුරා විසි කරන එක නතර කරගන්න සිංගප්පූරුවට වසර 35ක් පමණ කාලයක් ගතවූ බව ඔහු සඳහන් කළා. ඒ අවස්ථාවේදී අපි සඳහන් කළා අපේ මිනිස්සුන්ගේ ජානවල පිරිසිදුකම තියෙනවා. පුද්ගලිකව පිරිසිදුව සිටීමට ඇති කැමැත්තට පොදු හැඟීමක් එක් කිරීමෙන් අපිට කොළඹ නගරය පිරිසිදු කරන්න හැකි වූ බව අපි සඳහන් කළා.
වරක් අලෙවි මව්ලානා ඇමතිවරයා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා භූමියේදී පත්‍රිකාවක් බෙදපු අවස්ථාවක පොලීසිය අත් අඩංගුවට අරන් තිබුණා. කම්කරු නායකයෙක් විදිහට අපිට අත්පත්‍රිකාවක් බෙදන්නවත් අවස්ථාවක් නැති බවට එතුමා චෝදනා කළා. ඒ කාලේ ප්රජාතන්ත්රවාදය කියන තැනදි අපිට ප්‍රශ්න ගොඩක් මතුවුණා. නමුත් අපි හරි ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින්න ඕනෙ.
පොලසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් එක අවස්ථාවක මාංචු පිටින් කැලණි ගඟට පැන පිහිනා පැනයාමට උත්සාහ කළා. මේ උත්සාහය ප්රජාතන්ත්රවාදය නෙවෙයි. නමුත් සැකකරුවෙක් අත් අඩංගුවට අරන් පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරිම, සැකකරුට මානුෂිකව සැලකීම වැනි ප්රජාතන්ත්රවාදී අයිතීන් තිබෙනවා.
අද අධිකරණයට ගිය අවස්ථාවේ මම දැක්කා එක් පුද්ගලයෙක් එල්ලුම්ගහට නියම කරන අවස්ථාවක්. එල්ලුම් ගහට නියම කරන වෙනත් අවස්ථාවල ලයිට් නිවලා අඬලා දොඩලා වැලපෙන අවස්ථා තමයි අහන්න ලැබෙන්නේ. මේ පුද්ගලයාගෙන් අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ කියලා ඇහැව්වාම හිනාවෙලා මොකුත් නෑ කියලා ගියා. දැන් එල්ලුම්ගහට නියම කළා ම සතුටින් ඉන්න රටක් වෙලා. සතුටින් ඉන්න ජනතාවක් සිටින්නේ සිංගප්පූරුවේ කියල කිව්වට මට නම් හිතෙන්නේ එල්ලුම්ගහට නියම කරත් සතුටින් සිටින මිනිසුන් සිටින්නේ ලංකාවේ කියලයි."

ප්‍රීතිමත් රටක් නිර්මාණය කිරීම අපගේ දැක්මයි. අපි කැන්වසින් කරන අවස්ථාවේ දී ජනතාව සිටින්නේ සතුටින්ද කියන එකත් ගණනය කිරීමක් කරනවා.”
ක
popular news
-
සිරිබිරිස් Saturday, 20 July 2019 10:08 AM
අනෙක්අය කරන්නන් වාලේ අද පත්තරයත් ඔබේ අදහස් එවන්න කිව්වාට ඒවා පලකරන්නේම නැහැ ඒ ගැන කණගාටුයි.බැසිල් මහත්තයාට රජයේ නිළධාරීන් සිදුකල විහිළුවත් ඇත්තට භාරගෙන තියෙනවා.බොහෝ රජයේ ආයතනවල ආපන ශාලා තියෙනවා.සේවකයින් මෙන්ම නිළධාරීන් තේ පානය කරන්නේ ඒවායින්..පාර පැන පැන තේ බොන්න යනවානම් ඒ අය බැසිල් මහත්තයලාගෙන් පත්වීම් ලබා වැඩ නොකරන කමිසයේ පිටේ කාර්යාලයේ නම ගසාගෙන පාරේ ඇවිදින අය වෙන්ව ඕන.ඒ වාගේම කියන්න ඕන තේ බොන්න වේලාවක් රජයේ ආයතනවලට වෙන්කරලත් නැහැ කියල.සමහරක් ඈයො කියනවා කෑම පැය කියල ඒකටත් පැයක් නැහැ පැය භාගයයි තියෙන්නේ.
Reply : 0 2
Prasanna Saturday, 20 July 2019 04:46 PM
සිංගප්පූරුවේ නම් මිනිස්සුන්ට පහසු වෙන්ඩ තව කහඉරක් ස්ථාපනය කරනවා නැතිනම් පාර අනිත්පැත්තේද කඩයක් ස්ථාපනය කරනවා
Reply : 0 4
Dayan Saturday, 20 July 2019 07:49 PM
මේක නම් මුසාවක්.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

