අලි සබ්රීට චෝදනා කළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට අධිකරණයෙන් වාරණයක්
නීතිඥ අලි සබ්රීට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල කළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා තිබෙන බවට වාර්තා වනවා.
පසුගිය දින මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් නීතිඥ අලී සබ්රීට විවිධ චෝදනා එල්ල කළ අතර ඒ සම්බන්ධයෙන් නීතිඥවරයා අධිකරණයේ පිහිට පතා තිබූ අතර එළබෙන ජුනි 11 දක්වා නීතිඥ අලී සබ්රීට කිසිඳු අන්දමේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම වළක්වා අධිකරණය විසින් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට මෙම වාරණ නියෝගය පනවා තිබේ.

popular news
- 
                            
Champa Sunday, 31 May 2020 09:45 PM
එල එල. ඔන්න නියම වැඩේ. හොර ලියකියවිලි වල බලේ කොච්චරද කිව්වොත් දැන් ජනාධිපතිගේ ප්‍රධාන උපදේශකයා අලි සබ්රිට විරුද්ධව කතා කරන්නත් බැහැ. මේ ජනාධිපතිවම ගේන්න ඕනේ කියල පොළොවේත් හැපුණු හාමුදුරුවරුන්ට දැන් අදහස් ප්‍රකාශ කිරීමේ මූලික නිදහසත් නැහැ. හැබැයි අලි සබ්රිට නිදහස තියෙනව සිංහල බෞද්ධයන්ට ජාතිවාදීන් කියන්න. ඒ වුනාට ඊට උත්තර දෙන්න ගෝඨාභයව බලයට ගේන්න දර දිය ඇද්ද හාමුදුරුවරුන්ට නිදහසක් නැහැ. තවම මාස 6යි. මහ චන්දෙන් පස්සේ මේ තියෙන නිදහසත් නැති වෙලා, හාමුදුරුවරු දෙකේ කොලේටම වැටෙනවා. මම කිව්වා ඔහොම වෙන බව. හොඳ වැඩේ ඕගොල්ලන්ට.
Reply : 1 52
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                