සැමියා සමග රණ්ඩුවී සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති දෙදරු මවක ඊයේ (30දා) මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි  එස්. කනක ලක්ෂ්ම් නමැති 35 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කීය.

සැමියා සහ බිරිඳ අතර කලක පටන් ආරවුල් පැවත ඇති බවට මෙතෙක් කල පක්ෂණවලදී තහවුරු ඇතැයිද පොලිසිය සඳහන් කළේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන්ගේ පරීක්ෂණයද සිදුකර ඇති බවත්  මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

පානදුර සුමිත් පොතුපිටිය

0 comments

Leave a Reply

Post Comment