Sports

ශ්‍රී ලංකා එංගලන්ත දෙවැනි තිරණාත්මක විස්සයි20 තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තීරණාත්මක විස්සයි20 තරගය අද (01දා) පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය. පළමු විස්සයි20 තරගය එංගලන්තය ජයගත් හෙයින් මෙම තරගය ඔවුන් ජයගතහොත් තරගාවලියේ ජය ඔවුන්ට හිමිවෙයි.

Sports

බ්‍රැඩ්මන්ගේ හිස් වැසුමක් රු. කෝටි 9.8කට අලෙවි වෙයි

ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ මංගල ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැළඳ සිටි කොළ පැහැති තොප්පිය, ගෝල්ඩ් කෝස්ට් වෙන්දේසියකදී නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 460,000 (ඇමරිකානු ඩොලර් 320,000) කට මිලදී ගෙන ඇත.

Sports

තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩයම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය අද (27දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය මේ වන විට 1-1ක් ලෙසින් දෙපිළටම විවෘතව පවතී.

Sports

රන් පදක්කම් දෙකක් දිනා 11න් පහළ අංක ඒකේ මේස පන්දු ක්‍රීඩක ටාවි ලංකාවට

ටාවි සමරවීර තවමත් 10 හැවිරිදි වියේ පසුවන කොළඹ , ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .

Sports

ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අද

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අද ආරම්භ වීමට නියමිතය. පස්වරු 2.30ට ආරම්භ වන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙයි.

Uncategorized

විස්සයි20 ලෝක කුසලානය ලංකාවේදි ප්‍රදර්ශනය අරඹයි

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Sports

ධනංජය යළිත් එක්දින කණඩායමට

එක්දින සංචිතය- චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්‍ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඒෂාන් මාලිංග

Sports

බංග්ලාදේශය ලෝක කුසාලනයට එනවද නැත්ද තීරණය අනිද්දා

පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයට බංග්ලාදේශයේ ඒක්වෙනවාද යන්න ඳපිළිබවත් ඉනදියාවේ ක්‍රීඩා කරන්නේද යන්න ඳපිළිබවත් අවසන් තීරණය ජනවාරි 21 වන විට ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

Sports

එංගලන්ත තරග පැවැත්වෙන විට ඛෙත්තාරාම ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග පැවැත්වෙන දිනයන් තුළ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයට ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Sports

පාකිස්තාන - ශ්‍රී ලංකා තීරණාත්මක තුන්වන විස්සයි 20 තරගය අද

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද (11දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Sports

දෙවැනි තරගය වැස්සට හේදෙයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්විම තිබූ දෙවැනි විස්සයි20 තරගය වැස්ස හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

Sports

ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ලංකාවේ පිතිකරණ පුහුණුකරු ධුරයට

ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වික්‍රම් රත්තෝර් මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

Sports

පාකිස්තානයට පහසු ජයක්

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Sports

2026 අයි.පී.එල්. තරගාවලිය බංග්ලාදේශයේ විකාශ කිරීම තහනම් කරයි

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශය කිරීම අත්හිටුවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

Sports

මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්‍රතිචාර

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත් බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසූර් රහුමාන් කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් කොල්කටා කණ්ඩායමට දැනුම් දී තිබේ.

Sports

වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි

තමා තවමත් වර්ගවාදි අපහාවලට එරෙහිව කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් ඕස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා පැවැසීය.

Sports

පාකිස්තාන තරගාවලියේ සියලුම ආදායම් ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තරගාවලියේ සියලු ආදායම් Rebuilding Sri Lanka අරමුදලට ලබා දෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මීට අමතරව ගෝලීය ප්‍රේක්ෂකයින් අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා තරඟ ස්ථානවල #VisitSriLanka හැෂ් ටැගය ප්‍රවර්ධනය කරන බවද ඒම ආයතනය කියයි.තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය 2026 ජනවාරි 7, 9 සහ 11 යන දිනවල දඹු්ලේදී පැවැත්වේ.

Sports

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරිම් යළි ආරම්භ කළා

යාපනයේ – මන්ඩතිව්හි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් යළි ආරම්භ කර ඇති අතර ඒවා සැලසුම් කර පරිදි සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

Sports

ලසිත් මාලිංගට උපදේශක පුහුණුකරු තනතුරක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක පුහුණුකරු (Consultant Fast Bowling Coach) ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අදාළ පත් කිරීම 2025 දෙසැම්බර් මස 15 වැනිදා සිට ක්‍රියාත්මක මාසයක සීමිත කාලයක් වලංගු වෙයි.

Sports

තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය කළ ප්‍රකාශය මිකී ආතර් ප්‍රතික්ෂේප කරයි

පැතුම් නිස්සංක සම්බන්ධයෙන් පසුගියදා නව තේරීම් කමිටු පත් කිරීමෙන් පසු පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔවුන් දැක් වූ අදහස් පිළිබඳ තමා කලකිරීමට පත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටුපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සඳහන් කර තිබේ.