ඉන්දියාවේ පැවති 09 වන අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු ශූරතා තරගාවලියට පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ " ඕල්ඩ් බෙන්සන් ජ්‍යෙෂ්ඨ " කණ්ඩායම , එම තරගාවලියේ ශූරතාවය දිනා ගෙන 03/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඉන්දියාවේ බැංගලෝර් නුවර 03/17 දින පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව , ඉන්දියාව , මැලේසියාව , නෝර්වේ , දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සහභාගී වී තිබුණි .

අවසාන මහා තරගය ශ්‍රී ලංකාවේ ඕල්ඩ් බෙන්ස් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම  ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සමග නෝර්වේ කණ්ඩායම අතර පැවති අතර එහිදී නෝර්වේ කණ්ඩායම 2 - 1 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වී තිබුණි .

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා ඕල්ඩ් බෙන්ස් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම 03/20 දින අලුයම 01.25 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා සාන්ත බෙනඩික් විදුහලේ විදුහල්පති ආචාර්ය පුබුදු රාජපක්ෂ සහෝදරතුමා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

0 comments

Leave a Reply

Post Comment