සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 328කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 182ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 280ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 188ක් පමණි.

නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 418ක් රැස් කළ අතර  බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 180ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම දෙකේදීම ශතක දෙක බැගින් වාර්තා කිරීමට ධනංජයද සිල්වා හා කමිඳු මෙන්ඩිස් සමත්වූහ. එය වාර්තා කිහිපයක්ම අලුත් කළ ඉනිම්විය.

තරගයේ වීරයා ලෙස නායක ධනංජය ද සිල්වා සම්මාන ලැබීය. 

0 comments

Leave a Reply

Post Comment