සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 192කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති ‌‌දෙවැනි ටෙස්ට් තරගයද ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසද ජය ග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 511ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 318ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 531ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස් කළ හැකිවූයේ ලකුණු 178ක් පමණි. නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 157ක් රැස්කරමින් බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක් ලබා ‌දෙමින් ඉනිම අත්හිටුවීය.

ඒයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 318ක් පමණි. තරගයේ වීරයා සම්මානය කමිඳු මෙන්ඩිස් විසින් හිමිකර ගත්තේ නොදැවී ලබාගත් ලකුණු 92 හා කඩුලු තුන හේතුවෙනි.

ඒසේම තරග දෙකේදීම ලකුණු 367ක් හා කඩුලු ‌තුනක් බිඳ දැමීම හේතුවෙන් කමිදුට තරගාවලියේ විරයා සම්මානයද හිමි විය.

 

0 comments

Leave a Reply

Post Comment