ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව ටයිම්ඩ් අවුට් දැවී යාමකට ලක්කළ සිදුවීමෙන් දැන් ශ්‍රි ලංකාව ඉවත් විය යතු බව බංග්ලාදේශ වත්මන් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ පවසයි.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ සිටිය යුතු බවත් ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමේදී සිදුවීමේදි තම කණ්ඩායම නීති රීති අනුව කටයුතු කළ යුතු බවත්ය.

ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගාවලිය තුළද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන්ද ටයිම්ඩ් අවුට් දවා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අභිනයෙන් ක්‍රියා කරන අයුරු දක්නට ලැබෙයි.

මෙහිද විස්සයි20 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව සමූහ ජායාරූපයකට පෙනී සිටි සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් අභිනයෙන් ටයිම්ඩ් අවුට් සිදුවීම පෙන්නුම් කළේය.

"ඔවුන් ටයිම්ඩ් අවුට් සිදුවීම අභිනයෙන් පෙන්වූවා. ඔවුන් තවමත් එයින් ඉදිියට ගොස් නෑ. මම හිතන්නේ ඔවුන් එයින් ඉවත් විය යුතුයි. ඔවුන් වර්තමානයේ සිටිය යුතුයි. අපි නීති රීති තුළ හිටියා. ඔවුන් ඒ ගැන තරහින් ඉන්නේ. මම ඒ ගැන වැඩිය කලබල වෙන්නේ නැහැ."

0 comments

Leave a Reply

Post Comment