තම පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දමා වහාම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කණ්ඩායමේ සෙසු සඟයන් හා පුහුණුකාරිත්ව මණ්ඩලය මේ අපහසු අවස්ථාවේදී චන්දිමාල්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

එසේම ඔහුගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ක්‍රිකට් ආයතනය පවසයි.

0 comments

Leave a Reply

Post Comment