සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ‌ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට තරගයේ ‌වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 280ට දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු පහ ලකුණු 57ක් තුළ දැවි ගියත් නායක ධනංජය ද සිල්වා (102) හා කමිඳු මෙන්ඩිස් (102) හයවැනි කඩුල්ලට ලකුණු 202ක විශිෂ්ඨ සබඳවත් පවත්මින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 259ක් දක්වා රැගෙන ගියේය.

ඉන් අනතුරුව කමිඳු මෙන්ඩිස් ලකුණු 259දී දැවී ගිය අතර අනෙක් කඩුලු 4 බිඳ වැටීම ලකුණු 21ක් තුල සිදුවිය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු තුනක් දැවී ලකුණු 32ක් රැස්කරගෙන සිටියි. 

0 comments

Leave a Reply

Post Comment