එක්දින ක්‍රිකට් තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ වැඩිම ලකුණු සබඳතාවට හිමි වාර්තාවට හිමිකම් කීමට චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක අද සමත්වූයේය.

මීට පෙර එම සබඳතාව සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමිකම් කීවේ හිටපු නායක අර්ජුන රණතුංග හා රොෂාන් මහානාමයි. ඔවුන් දෙපළ 1997 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 171ක සබඳතාවක් පිහිටුවීමට සමත්ව තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේදී චරිත් හා පැතුම් බංග්ලාදේශයට එරෙහිව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185ක සාර්ථක සබඳතාවක් පවත්වමින් අර්ජුනගේ හා මහානාමගේ අවුරුදු 27ක් පැරණි වාර්තාව බිද දැමීමට සමත්වූහ.

0 comments

Leave a Reply

Post Comment