ගංවතුර තත්ත්වය නිසා  වසාතිබුනු  සෝමාවතිය පුදබිමට යන මාර්ගය දින 10 කට පසු විවෘත කරයි.

ඓතිහාසික සෝමවතිය පුදබිමට යන මාර්ගය දින දහයක් පුරා පැවැති ගංවතුර  තත්ත්වයට පසු විවෘත කිරීම අද දින සිදුවිය.මහවැලි ගගේ ඉහල ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලු අධික වර්ෂාව හා පොලොන්නරුව දිස්ත්‍රීක්කයට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පුද බිමට ගමන් කරන මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන්  අඩි 03කින් පමණ ජලයෙන් යටවීම නිසා ඉකුත් දින 10ක පමණ කාලයක්  තිස්සේ රථ වාහන ධාවනය සදහා එම මාර්ගය වසා තිබූ අතර ඒ හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පුද බිම වෙත බැතිමතුන්ට ගමන් කිරීමට නොහැකිව අසීරුවට පත්වූහ.

කෙසේ නමුත් මහවැලි ගගේ ජල මට්ටම අඩු වීම මත හා පොලොන්නරුව දිස්ත්‍රීක්කයට වැසි රහිත කාළගුණයක් පැවතීම මත ජලයෙන් දින ගණනාවක් යටව තිබූ සෝමාවතිය සුංගාවිල මාර්ගයේ ජලය බැස යාමත් සමග එම මාර්ගය බැතිමතුන් සදහා අද 26 උදෑසන විවෘත විණි.

උදුවප් පුර පෝය මුල් කරගෙන විශාල සැදැහැවතුන් පිරිසක් ඓතිහාසික සෝමවතිය පුදබිමේ මේ වෙනකොට සීල සමාදන් වැඩ සටහන් වලට සම්බන්ධ වී සිටිති. දිවයිනේ  සතර දෙසින් පැමිණි බැතිමතුන් වන්දනාව සඳහා අද දින ඓතිහාසික සෝමාවතිය පුදබිමට පදීමට පැමිණ සිටිති.

0 comments

Leave a Reply

Post Comment