මෙවර ශ්‍රී පාද වන්දනා සමය මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සඳහා සදාතුක කරඩුව, සුමන සමන් දේව ප්‍රථිමාව හා දේව ආරම්භ වැඩම කරවිම මේ මස 25වන දින සිදුකරනු ඇත.

පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානයේ මේ වන විට තැන්පත් කර ඇති සදාතුක කරඩුව, සුමන සමන් දේව ප්‍රථිමාව දේව ආභරන 25වන දින උදැසන මාර්ග හතරක් ඔස්සේ පෙරහැර හතරකින් ශ්‍රිපාද මහ මළුව දක්වා වැඩම කරවිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.

මින් පෙරහැර දෙකක් අවිස්සාවේල්ල හැටන් මාර්ගය  හා බලංගොඩ නොර්වුඩ් මාර්ගය ඔස්සේ නල්ලතන්නියට 25වන දින රාත්‍රියේ පැමිනෙන බවත් පෙරහැරින් එසේ නල්ලතන්නකියට වැඩම කරවන එම සදාතුක කරඩුව හා දේවආභරණ ඇතුළු පුජා භාන්ඩ යුධ හමුදා නිලධාරින් විසින් ශ්‍රිපාද මහ මළුව දක්වා වැඩම කරවිම සිදුකරන බවද එම නිලධාරියා පැවසිය.

එසේ වැඩම කරවන සදාතුක කරඩුව ඇතුළු පුජා භාන්ඩ ශ්‍රිපාද මහ මළුවේ තැන්පත් කර 26වන දින අළුයම ආගමික වතාවත් සිදු කිරිමෙන් පසු  ප්‍රථම  පුජාව පැවැත්විමෙන් අනතුරුව මෙවර ශ්‍රිපාද වන්දනාව ආරම්භවි 2024 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනයෙන් 2023 2024 ශ්‍රිපාද වන්දා සමය නිමාවට පත්වනු ඇත.

මෙවර ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.  

චන්ද්‍ර සෙල්ලහේවා හැටන්

0 comments

Leave a Reply

Post Comment