භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇතිමීවනපලානේ සිරිධම්මාලංකාරනමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක්.

මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වකරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලාවේ ශ්‍රී විමලාභීන මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ .

ථෙරවාදී පාලි ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කරමින් බුද්ධ චරිතය හා ත්‍රිපිටකාගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතළ ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නියැලී සිටින මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ අවස්ථා ගණනාවකදී අප විසින් ජනාධිපති ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කර ඇත .

සාමණේර භික්ෂු ලියාපදිංචිය ද අවලංගු කොට නිකාය පාර්ශවයෙන් නෙරපා හැර ඇති මොහු තවදුරටත් භික්ෂුවක් ලෙස පෙනී සිටීම හේතුවෙන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරු වන බව විහාර දේවාලගම් ආඥා පනතේ42 වගන්තිය අනුවද පැහැදිලි වේ . (ඊට අදාළ ලේඛන මේ සමග අමුණා ඇත)

එවැනි පසුබිමක් තුළ තවදුරටත් බුදු දහම පිළිබඳ සාවද්‍ය අර්ථ විවරණ සපයමින් බුද්ධ චරිතය විකෘති කරමින් ථේරවාදී පාලි ත්‍රිපිටකය පිළිබඳ සාවද්‍ය හා අපහාසාත්මක මතවාදයන් ජනගත කරමින් කටයුතුකිරීමට මෙම පුද්ගලයාට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබීම විමතියට කරුණකි .

භික්‍ෂුවකට අහිමි සමාජ ගෞරවය හාප්‍රත්‍ය පහසුකම් වංචනිකව පරිහරණය කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගිහි පැවිදි පිරිස් නොමඟ යවමින් බෞද්ධ සමාජය තුළ ගැටුම් නිර්මාණය කරමින් ලාංකේය භූ දේශපාලන ව්‍යුහය පිළිබඳවද සාවද්‍ය මතවාද ජනගත කරමින් සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේමෙන්ම රාජ්‍ය අස්ථාවර කිරීමේ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක මෙම පුද්ගලයා නිරතව සිටින බව මේවන විට අනාවරණය වී ඇත .

සම්බුද්ධ චරිතය පිළිබඳවත් පාලි ත්‍රිපිටකය පිළිබඳවත් මොහු විසින් ඉදිරිපත් කරනු ලබන මිථ්‍යා මතවාදයන් හා එහි සමාජ බලපෑම පහත පරිදිසම්පින්ඩනය කළ හැකිය .

  1. සම්බුද්ධ චරිතය පිළිබඳවභාරතයේ පවතින ස්ථානනාමයන් සාවද්‍ය හාඅශාස්ත්‍රීය ලෙස ලංකාවේප්‍රසිද්ධ විහාරස්ථාන ලෙස අරුත් ගන්නමින් බෞද්ධ ජනයා නොමඟ යැවීම හා බෞද්ධ සමාජය තුළ සමගියට බාධා පමුණුවමින් බෞද්ධයන් අතර ගැටුම් නිර්මාණය කිරීම .
  2. ධර්ම දේශනා කිරීමේ මුවාවෙන් බුදු දහමේ මූලික ඉගැන්වීම් පිළිබඳව විකෘති අර්ථකථන සිදුකිරීම .
  3. ශ්‍රී ලාංකේය ශාසන භාරධාරි මහා තෙරවරුන් විසින් ජීවිත පරිත්‍යාගයන් ආරක්‍ෂා කොට ජාතික උරුමයක් ලෙස නම්කොට ඇති ශ්‍රී ලංකා ජනරජය මගින් 2500 ශ්‍රී සම්බුද්ධත්වජයන්තියනිමිති කොටගෙන ප්‍රකාශයට පත් කරන්නට යෙදුන බෞද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව නිවැරදිත්‍රිපිටකය නොවනබවත්නිවැරදි ත්‍රිපිටකය තමන් එංගලන්තයෙන් ගෙනා බවත් ප්‍රකාශ කරමින් බෞද්ධ ලෝකය වංචනික ලෙස නොමඟ යැවීම .
  4. තමන් සිවු පිළිසිඹියා පත්අරහත් වහන්සේ නමක් ලෙස ප්‍රකාශ කරමින් මහජනතාව නොමඟ යවමින් නොයෙක් වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින්ශ්‍රී සම්බුද්ධ දේශනාවන්ගේ උතුම් දාර්ශනිකහර පද්ධතීන් විනාශ කිරීම හා අරහත් සංකල්පය සමාජය තුළ සාවද්‍ය හා උපාසයට ලක් කිරීම .
  5. සිදුහත් කුමාරොත්පත්තියෙන් අනතුරුව මහමායා දේවිය ලිංග විපර්යාසයකට ලක් වූ බව වැනිවිකෘති මත ප්‍රකාශ ඉදිරිපත් කරමින් බුද්ධ චරිතය අවමානයට පත් කිරීම .
  6. යුනෙස්කෝ ලෝක උරුමය ලෙස ප්‍රකාශයට පත්කොට ඇති ලුම්බිණිය, බුද්ධගයාව,බරණැස, වැනි ස්ථාන පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාදීපය තුළ පිහිටි ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය,වැනි ලෝක බෞද්ධයන්ගේවන්දනීයස්ථානයන්ගේ පිහිටීම පිළිබඳ සාවද්‍ය අර්ථ විවරණ සපයමින්බෞද්ධ ලෝකය තුළ ථෙරවාදී ධර්මකොෂ්ටාගාරය ලෙසලංකාව තුළ පවතින විශ්වාසයපලුදු කිරීම හා ලක්දිව පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ සාවද්‍ය මතවාද ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ සමාජය තුළ වෛරයක් ගොඩනැගීම .
  7. බෞද්ධ සම්මතයන් හා චාරිත්‍රයන්විවේචනය කරමින් සංඝ සමාජයේ පරිපාලන ව්‍යුහය පිළිබඳ අපහාසාත්මක හා සමාජය නොමඟ යවන ප්‍රචාර සිදුකරමින් භික්ෂුව හා මහජනතාව අතර විරසක භාවයක් නිර්මාණය කිරීම .

මේ වන විට ස්ත්‍රී දුෂණ චෝදනා ඇතුළු සාපරාධි අපරාධ ගණනාවක් පිළිබඳව චෝදනා ලබා ඇති මෙම තැනැත්තා සිරිසේන සපුත්‍රන්ත්‍රී යනඅනන්‍යතාවය භාවිතා කරමින් රජයේ විශ්‍රාම වැටුපක්ද ලබා ගනිමින්විවිධ නාමයන්ගෙන් පෙනී සිටිමින් චේතනාන්විතව මහජනතාව රැවටීමේ කුමන්ත්‍රණයක නිරතව සිටිනබවත් බුද්ධ ශාසනය විනාශ කිරීමේ පටු පරමාර්ථයෙන් කටයුතු කරන සංවිධානාත්මක කණ්ඩායම් මෙම තැනැත්තා විසින් සිදු කරනු ලබන ධර්ම විකෘතීන්ට අනුග්‍රහ දක්වමින් දැවැන්ත මුදල් සම්භාරයක් මොහුවෙත ලබාදෙන බවටත් කරුණු හෙළිවෙමින් පවතී . තවදපරම නිබ්බානනමින් ආයතනයක් පිහිටුවාගෙන සාවද්‍ය විකෘති ධර්ම කරුණු ප්‍රචාරය කරමින් එම ස්ථානයට පැමිණෙන උපාසක උපාසිකාවන් නොමඟ යවමින් මුදල් ලබාගෙන පෞද්ගලික දේපොළ මිලදී ගෙන සිය දරුවන්ට ලබා දීමපිළිබඳව මේ වන විට කරුණු අනාවරණය වී ඇත .

බරපතළ ශාසන විනාශයක් මෙන්ම ලාංකේය භූ දේශපාලන අධිකාරිය සම්බන්ධයෙන් සාවද්‍ය ඉතිහාසයක් ගෙනහැර දක්වමින් සමාජ ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කරන විවිධ සාපරාදීඅපරාධයන් පිළිබඳව චෝදනා ලැබ සිටින මෙම පුද්ගලයා පිළිබඳව අදාළ අංශ තවදුරටත් නිද්‍රාශීලී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පළ කර සිටිමු .

එහෙයින් රටේ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් ගෙන දෙමින් චිරාත් කාලයක් පැවති සමාජහර පද්ධතින් හා විශ්වාස පද්ධතීන් පිළිබඳ සමාජය තුළ කුකුසක් නිර්මාණය කරමින් සම්ප්‍රදායික දැනුම්පද්ධතියවිනාශ කිරීමේ කුමන්ත්‍රණයෙහි නිරතමීවනපලානේ සිරි ධම්මාලංකාර, පන්සල්හේනේධම්මාලංකාර හාපන්සල්හේනේ ධම්මික යනඅනන්‍යතාවයන්ගෙන් පෙනී සිටිමින් චෞර භාවයෙන් භික්ෂුවේෂධාරීවචීවරය අවභාවිතා කරමින් කටයුතු කරන සිරිසේන සපුතන්ත්‍රිනම් මෙම පුද්ගලයාට විරුද්ධවනීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙයින් දන්වා සිටින අතර එය බුදු දහමසුරක්ෂිත කොට පෝෂණයකිරීමේ වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා ජනරජයේ පරම යුතුකමක් වන බවද මෙහිලා සිහිපත් කරසිටිමු .

මෙම ශාසන විනාශකාරී ක්‍රියා පිළිවෙත හුදු සිදුවීමක් ලෙසලඝුකොටසැලකීමට මහා සංඝරත්නය ලෙස අපි තවදුරටත් සූදානම් නොවන බව මෙයින් බරපතළ ලෙස අවධාරණය කර සිටිමු . මේ පිළිබඳව ඔබතුමාගේ කඩිනම් අවධානයඅගය කරන අතරමඔබතුමන්ට රත්නත්‍රයේ ආශිර්වාදය සැලසේවායි ආශංසනය කරම්හ.

0 comments

Leave a Reply

Post Comment