බුදුන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන වෙසක් උත්සවය මෙවර තෙවැනි වරටත් ඇමරිකානු ජනාධිපතිවරයා ගේ, උපදෙස් මත මැයි 05 දින ධවල මන්දිරයේදී පැවැත්විනි.

ඒ අනුව ජාත්‍යන්තර වෙසක් උත්සවය ධවල මන්දිරයේ  පැවැත්වෙන තෙවැනි  අවස්ථාව මෙය වේ. ධවල මන්දිරයේ දෙවන  ප්‍රධානියා වන  ඩග්ලස් එම්හොෆ් මහතා ගේ  සහ බෞද්ධ රටවල් නියෝජනය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ තානාපතිවරුන් ගේ ප්‍රධානත්වයෙන් මෙවර වෙසක් උත්සවය  පැවැත්විනි.

ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ බ්ලින්කන්ගේ පණිවිඩයක් ද මෙහිදී  ප්‍රකාශයට පත් කෙරිනි.

ධවල මන්දිරයේ පැවති  වෙසක් උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ  විහාරස්ථානයේ අධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ  ශ්‍රී ලංකා තානාපති  මහින්ද සමරසිංහ මහතාද සහභාගි විය.

0 comments

Leave a Reply

Post Comment