කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස් සීමා සම්බන්ධයෙන් හෙට(15දා) මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

'අද' පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙම සියලු කාරණා විනය පිටකය අනුව සිදු කරන බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු මහානාහිමිවරුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

 

0 comments

Leave a Reply

Post Comment