රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය අද (19)සිට ආරම්භ වේ. මෙම පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම පසුගිය 9 වන දා සිදු කළ අතර, රුහුණු මහා කතරගම දේවාලයෙහි වසරක් තුළ පැවැත්වෙන මංගල්‍යයන් අතරින් ඇසල පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 

මෙවර ඇසල පෙරහැර මංගල්‍යය ලබන ජූනි මස 04 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඇසල පෙරහැර මංගල්‍යයට වාර්ශික ව බැතිමතුන් ලක්ෂ 15 කට අධික ප්‍රමාණයක් පැමිණෙන බවත් එලෙස පැමිණෙන අය හේතුවෙන් කතරගම නගරය,මැණික් ගඟ සහ පූජා භූමි ආශ්‍රිතව ටොන් 1,700 ක පමණ විශාල කසල ප්‍රමාණයක් එක් රැස් වන බව දේවාල මෙහෙයවන්නන් පවසයි.

එම හේතුවෙන් මෙවර පැමිණෙන බැතිමතුන් හට පරිසර පද්ධතියට හානි නොකර පරිසර සුරක්ෂිතතාව පවත්වාගනිමින් වැඳුම් පිඳුම් සිදුකරගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සහ දේවාල මෙහෙයවන්නන් විසින් කාරුණිකව ඉල්ලා සිටියි.

බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ 

0 comments

Leave a Reply

Post Comment