ත්‍රිකුණාමලය බලා ගිය දුම්රියේ එංජිම වේයන්ගොඩදී ගිනි ගනියි
කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය කළ සීඝ්‍රගාමි දුම්රියේ එංජිම වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව තිබේ.
කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය කළ සීඝ්‍රගාමි දුම්රියේ එංජිම වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව තිබේ.
ආසියානු ක්‍රිකට් කිරුළත්, ආසියානු දැල්පන්දු කිරුළත් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ. ඔවුන් විශේෂ රථ පෙළපාළියකින් කොළඹ ක්‍රිකට් ආයතනය වෙත හා දැල් පන්දු සංගම් මූලස්තානය වෙත රැගෙන යාමට කටයුතු කළේය.
මැසි වංසගතයක් හේතුවෙන් දළුව,නර්මලපුර ඇතුළු ගම්මාන රැසක ජනතාව මාසයනට ආසන්න කාලයක සිට පාචනය,උණ ඇතුළු බෝවන රෝග රැසකින් පිඩාවට පත්වි ඇති බව කියයි.
මෙම ජයග්‍රහණයත් සමගින් පාකිස්තානය ශ්‍රී ලංකාව සමගින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සාජා පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන පරාජයෙන් කුපිත වූ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 05 වන දින උපත ලද අකීරු , ඩූමා සහ ලියෝ යන බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වූ කාගෙත් ජනාදරයට පත්ව සිටි ’’කෙල්ල’’ නම් ව්‍යාඝ්‍ර දේනුව දරුණු පිළිකා රෝගයකින් පෙරේදා (05දා) මියගොස් ඇතැයි සත්වෝද්‍යානය ප්‍රකාශයකු පැවසීය.
වී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ ගොවින් හා ගොවි සංවිධාන නියෝජිතයන් පවසති.
ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි. මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද අලුුයම දිවයිනට පැමිණියහ. ඔවුන් දෙපළ පිළිගැනීම වෙනුවෙන් මැති ඇමතිවරු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙම අර්බුදය විසදීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත් අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සුදු වන බව තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම මෙම අර්බුදය මගහරවා ගැනීමට රාජ්‍ය ආදායම 14/15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බව ද නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළේය.
සුඛෝපභෝගී ජීප් රථයක් මාදිවෙල ඉන්ධනහලට කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පොම්පකරුට බරපතළ තුවාල සිදුවී ත්‍රී රෝද රථයකට සහ යතුරු පැදි දෙකකට, ඉන්ධනහලේ පොම්පයකට සහ ඉන්ධනහලට බරපතල අලාභ සිදු වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අස්ගිරි පාර්ශවයේ මහා සංඝ සභාව විසින් මහාමාන්‍ය ප්‍රතාපාධිකේශේවර යන ගෞරව නාමය පුද කොට තිබේ.
අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පිහිටි නිවසක ගෙවත්තේ ඇති පොල් ගසක, කඳ ප්‍රදේශයෙන් අසාමාන්‍ය ලෙස පොල් ගෙඩි හට ගැනීමේ පුවතක් වාර්තා වේ.
හමුදාවක් ගෙනියනව නම් ඒ හමුදාව රඳා පවතින්නේ එහි නායකත්වය මතයි. ඒ වගේම එම හමුදාවට විනය අවශ්‍යයයි. විනයක් නැතිව හමුදාවක් ගෙනියන්න බැහැ. විනයක් සමග තමයි හමුදාව ඉදිරියට ගෙන යා හැක්කේ. ඒ වගේම විනයෙන් පමණක් හමුදාව ගෙනියන්නත් බැහැ. විනය සමග පුහුණුව අවශ්‍යයි. දෙකම එකට ඉදිරියට යන්න ඕනෑ. එහෙත් විනයයි, පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නෙත් නැහැ. ඒ හමුදාවට දැනුම තිබිය යුතුයි. යුද දැනුම වගේම භූමිය පිළිබඳවත් දැනුම තිබිය යුතුයි. ඒ දැනුම සමග තමයි සාර්ථක
පොල්ගහවෙල ගොවීන් ත්‍රිරෝද රථ යොදාගෙන වී පෑගීමේ කටයුතු සිදුකරයි. එම ගොවීන් පවසා සිටියේ ගොයම් කපන මැෂින් සඳහා වී ලාසයකකට රුපියල් 1250 ක් අය කරන බැවින් වී ලාස් 08 ක කුඹුරක වී කැපීම සඳහා රුපියල් 10,000 ක මුදලක් වැය කිරීමට සිදුවන බවය. එසේ කළහොත් එම මුදලට වී අස්වැන්නෙ වටිනාකමක් නොමැති නිසා මෙසේ ත්‍රි රෝද රථයක් යොදා ගෙන වී පෑගීම සිදු කිරීමට අදහස් කළ බවයි. ත්‍රිරෝද රථයට රුපියල් 2000 පමණ මුදලක ඉන්ධන යෙදවා මෙසේ වී පෑගීම සිදුකරන බව ගොවීන් වැඩිදුරටත් පැ
මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
තම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර, ඉන්ධන හා වෙනත් ගැටලු තිබෙනවා ද කියා සොයා බැලීමේ වගකීම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට භාර දිය යුතුයි. එතකොට ඒ වගකීම ඒ අයටත් පැවරෙනවා. ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අතර, ආගමික සිද්ධස්ථානවල දියුණුව කෙරෙහි ද අපේ අවධානය යොමු කර තිබෙනවා.
යාපනයේ මිදී අස්වැන්න මේ වන විට දඹුල්ලට විශාල වශයෙන් ලැබෙන බවත් පසු ගිය වසරේ රුපියල් 300 ත් 350 ත් අතර මිලකට අලෙවි වූ මිදී කිලෝවක් සඳහා මෙදින රුපියල් 900 ක මුදලක් ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් පෙන්වාදෙති. පසුගිය දින කිහිපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් ලැබුණු මිදී කිලෝවකට රුපියල් 1300ක් 1350 ත් අතර ප්‍රමාණයක් ලැබුණු බවත් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන මිදි ප්‍රමාණය වැඩි වීමත් සමග මිදි මිල කිලෝ ක මිල රුපියල් 900 දක්වා පහත වැටි ඇත.
ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය.
අනවසර විදුලි රැහැනක පැටලුණු ඇතෙකු සහ වන අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී ඊයේ (14දා) සොයා ගත් බව අනුරාධපුර වන ජීවී කාර්යාලය පවසයි.
වාම දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික දෙවනගල පුදබිම සංරක්ෂණය කොට සංවර්ධන කිරීමට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ විහාරය නිර්මාතෘ සහ ඓතිහාසික කූරගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් දෙවනගල පුදබිමේ පසුගිදා නිරික්ෂණ චාරිකාවකට එක් විය.
පාකිස්තාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (12දා) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
රුපියල් කෝටි ගනනක් වටිනා චීන දුම්රිය මැදිරි තොගයක් පුත්තලම දුම්රිය ස්ථානය අසල විනාශ වී යාමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන සහභාගීත්වයක් අද (11) දින දක්නට ඇති බව අරක්ෂක අංශ සඳහන් කරයි.
කිසිදු ප්‍රයෝජනයක් නොගෙන බැහැර කරනු ලබන අලි වසුරු පිළිබඳව වසර පහක පමණ කාලයක් සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ඉතාමත් තාත්වික ලෙස අලි ඇතුන්ගේ අනුරූ නිර්මාණය කිරීමට පල්ලේකැලේ පදිංචි මංජුල ප්‍රියංග ජයසුන්දර මහතා සමත්ව සිටී.
මන්දකට හසු වු කදුකර කොටියෙකු මන්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියෙකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුල කොටු වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලයේ අතුපන්දලම සකස්කිරීම ඊයේ (03) චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.
උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට වතුකරයේ එළවළු වගා බිම් රැසක් ගංවතුරට යටවීමෙන් විනාශයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.
09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීම ඊයේ(03දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.