කෘතගුණ සැලකූ වඳුරා
මඩකලපුව තාලංකුඩා ප්‍රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට ආහාර දුන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුගේ දේහය මත නැඟ ඔහුට ගෞරවය පුද කරන සිදුවීමක් වාර්තා වෙයි.
මඩකලපුව තාලංකුඩා ප්‍රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට ආහාර දුන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුගේ දේහය මත නැඟ ඔහුට ගෞරවය පුද කරන සිදුවීමක් වාර්තා වෙයි.
කොළඹ, රාගම හා පේරාදෙණිය රෝහල්වලදි පැය 24 ක් තුළ සාර්ථක අක්මා සැත්කම් 3 ක් කිරිමට හැකි වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
නිවසේ ඇති කරන සුනඛයකු විසින් මහමග වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට ගෙන ඒමෙන් පසු එය පරික්ෂා කිරීමේදී එහි මුදලින් රුපියල් 7000 ක් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු රන් මාලයක් තිබී හමුවී එය නැවතත් හිමිකරුට ලබාදීමේ සිද්ධියක් මහනුවර අලදෙනිය පොලිස් වසමෙන් වාර්තා වේ.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 4 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අගල් 8 ක් දක්වා ආසන්න වි ඇති බවත්, එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටම ආසන්න විම නිසා කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ අද (16) විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම නිවසේ සිටි මව හා පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් සුන්බුන් අතර සිරවි සිටි පියා ඊයේ සවස බේරා ගැණින.
වනාතවිල්ලුවේ ගම්මාන රැසක ගොවින් ඒකාබද්ධ කරමින් ආරම්භ කල ලොකු ළුණූ වගාවේ සාර්ථක අස්වැන්නක් මෙවර ලැබෙමින් පවතින බව පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්‍යක්ෂ තරංගීකා ශාමලී මහත්මිය පවසයි.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෑනියන්ට හා පියානන්ට පිං පිණිස ඇලහැර - මිනිපුරගම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දහයක් පමණ මුදලක් වැය කරමින් බුද්ධ මන්ධිරයක් ඉදිකර පුජා කර තිබේ.
රුසියානු ජාතික ගුවන් සේවාව වන එරෝෆ්ලොට් ගුවන් සේවය මාස 4කට පමණ පසු නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් එහි ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට ළඟා විය.
දේශීය විදේශීය සංචාරකයින් දහස් ගණනක් පැමිණෙන උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් වන හපුතලේ ඉදල්ගස්හින්න තොටුපළ කදු ප්‍රදේශය අවදානම් කළාපයක් බැවින් එහි සංචාරය කිරීම හා රාත්‍රි කාලයේ කූඩාරම් ගැසීම සම්පුර්ණයෙන්ම තහනම් කළාපයක් බවට පත්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් සම්බණ්ධිකරණ කම්ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.
රජය මඟින් දියත් කර ඇති වගා සංග්‍රාමයට සමගාමීව ආදර්ශමත් බෝග වගාවක් ආරම්භ කළ තරුණයකුට එයට දිරි දීම වෙනුවට ඔහු නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන රජයේ ම ආයතනයක් පිළිබඳ බණ්ඩාරමින් වාර්තා වේ.
හම්බන්තොට වරාය පරිශ්‍රයේ වාහන විශාල සංඛ්‍යාවක් ගාල්කර තිබෙන අයුරු චීන තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කර තිබුණි. ප්‍රති අපනයනය වෙනුවෙන් මෙම වාහන වරාය තුළ ගාල් කර තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය නමින්නශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල/ කෙතල විශේෂයක් සහ එහි ප්‍රදේශ දෙකක් නම් කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවසයි .
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ. මෙහිදී උමංදාව විහාරාධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන් ජනපතිවරයා වෙත යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ කොළඹදී එළිදැක්වීය
‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කර තිබේ. ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය සැමරුමට සමගාමීවයුද හමුදාවේ සියලු රෙජිමේන්තු ධජවලට ආශිර්වාද ලබාගැනීමේවැඩ සටහනක් යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (28දා) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විණි
UPDATE ගින්න මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනපතිවරයා ජපානයේ සිට ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ. ඒසේම විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන ලෙසද ජනපතිවරයා සඳහන් කළේය.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
චීනයේ යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ පරිත්‍යාග කරන ලද යුවාන් මිලියන 12.5 ( රුපියල්මිලියන 650) වටිනා නව ඖෂධ තොගයක් චීනයේ චෙංගු නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ ඉල්මනයිට් තොගයක් ත්‍රිකුණාමලය වරායෙන් චීනය බලා පිටත් කර හැරිය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි
පැස්තුඩුවන් විශාල රංචු ලෙස මේ දිනවල තබ්බෝව ජලාශයෙ සැරිසරණ ආකාරය දැක ගත හැකිය.
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් 18 දා බකිංහැම් මාළිගයේ දී පැවැත්විණි.
අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේ දී සිදු කෙරෙයි. මේ එහි අවස්ථා කිහිපයකි.
‘මොණරුන් බහුල ප්‍රදේශයක්’ යන්න සිංහලින් සඳහන් කර තිබූ පුවරුවේ ඉංග්‍රීසියෙන් සඳහන් කර ඇත්තේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා ජීවිතයේ කිසිම දිනක අනතුරුදායක මොණරුන් දැක නැති බවයි.
රුසියාවේ 18 වන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් සම නිෂ්පාදන කර ඇති ’’ නිව්ස් පේපර් ’’ චිත්‍රපටයට සම්මාන හිමි වී තිබෙන අතර , එය රැගෙන 09/15 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
අනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුණි. මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.