ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ (07දා) පාකිස්තාන හා ඇෆ්ගනිස්තානය අතර පැවැති තරගයෙන් පාකිස්තාන කණ්ඩායම තියුණු ජයක් වාර්තා කිරිමට සමත්විය.

 මෙම ජයග්‍රහණයත් සමගින් පාකිස්තානය ශ්‍රී ලංකාව සමගින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සාජා පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන පරාජයෙන් කුපිත වූ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

එසේම තරගය තුළදීත් පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා විය.

 

0 comments

Leave a Reply

Post Comment