• අඩු ආදායම් ලාබීන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතුයි.
  • ආනයනය සීමා කොට ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදීගැනීම සිදු කළ යුතුයි.
  • 14/15 % මට්ටමකට රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි.
  • ආර්ථික අර්බුදය නිසා ඇතිවන අපහසුතාව අඩු ආදායම් ලබන පාර්ශ්ව වලට පමණක් නොව වැඩි ආදායම් ලබන පාර්ශ්ව අතරද බෙදා හැරීම කළ යුතුයි.

ආර්ථික අරුබුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂාකරගත යුතු වන්නේ අඩු ආදායම් ලාබීන් බවත් එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවත් මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අඩු ආදායම් ලාබීන්ට ඇතිවන ආර්ථික අපහසුතා වැඩි වුවහොත්  දුප්පත් මිනිසුන් පාරට බැසීම සිදු විය හැකි බවත් ඒ නිසා කලබලකාරී තත්ත්වයන් රට තුළ ඇති විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. එබැවින් වැඩි ආදායම් ලබන සහ අඩු ආදායම් ලබන දෙපාර්ශ්වය අතරම ඇතිවන ආර්ථික අපහසුතාව බෙදී යෑමට සැලැස්වීම මගින් අඩු ආදායම් ලබන පාර්ශ්ව වල අසහනය පාලනය කරමින් ආර්ථිකය ස්ථාවර කළ යුතු බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

එසේම ණය ලබාගැනීම පාලනය කොට රාජ්‍ය ආදායම වැඩිකරගැනීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දුන්නේ ය. මෙහිදී වර්තමානයේ ඇති වී තිබෙන උද්දමනය පාලනය කොට අපනයන ආදායම වැඩිකර ගැනීම සිදු කළ යුතු බව ද පැවසූ ඒ මහතා රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම වැදගත් බව අවධාරණය කළේය.

මෙහිදී ආනයනය සීමාකිරීම මගින් පසුගිය වසරේ බිලියන 2 පමණ වූ වියදම මෙම වසරේ 1.3කට අඩු කරගැනීමට හැකි වූ බව පෙන්වා දුන් වීරසිංහ මහතා ඒ මගින්  බෙහෙත්, ඛණිජ තෙල් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට හැකි වූ බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වර්තමාන රාජ්‍ය ආදායම බිලියන 1.2 පමණ වන බවත් තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය සීමාකිරීම මගින් රාජ්‍ය වියදම පාලනය කිරීමට හැකි නම්  එය රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් වැදගත් වන බවත් හෙතෙම පැහැදිලි කළේය.

තවද මෙම අර්බුදය විසදීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත් අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සුදු වන බව තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම මෙම අර්බුදය මගහරවා ගැනීමට  රාජ්‍ය ආදායම 14/15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බව ද නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් ඊයේ (31) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සංවාදමය කථිකාවට සහභාගී වෙමිනි. 

1 comment

Best friend day

02 years 15 days 08 hours 58 minutes 44 seconds ago

Today best friend s day budusaranaiiii ජයවේවා

Reply

Leave a Reply

Post Comment