Uncategorized

ලක්ෂපානට ජලය යන නලයක විශාල කාන්දුවක්

නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ජලය රැගෙන යන විශාල නලයක සති තුනක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වන බවත්, එම ජල කාන්දුව නතර කිරිමට විදුලි බල මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නොමැති බව ජල කාන්දුව සිදු වන ස්ථානය අවට පදිංචිකරුවන් පවසයි.

Uncategorized

පුත්තලමේ වී අස්වැන්න කලු කඩකාරයින්ට

මහ කන්නයෙ වී අස්වැන්න මේ වන විට පුත්තලමේ ගොවින් නෙළමින් සිටිති. නමුත් නෙළා ගන්නා අස්වැන්න තුට්ටු දෙකට මීලදි ගැනිමට මහා පරිමාන වී මුදලාලිලා තම තැරැව්කරුවන් හරහා සියලු කටයුතු කරමින් ඇත්තේ ගොවින් මාස හතරකට ආසන්න කාලයක් විවිධ බාධක මැද තම දහඩිය වගුරමින් සරුකල අස්වැන්න බව ඔවුහු පවසති.

Uncategorized

කාසල්රී හා මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

මධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

Uncategorized

සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් ඉන්නවා

අද බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින බවත් වී අස්වැන්න වැඩිවුණත් සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Uncategorized

ශ්‍රී පාද වන්දනාවට විශාල පිරිසක්

ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ගය ඔස්සේ ඊයේ දින සිට (10) දින විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම නිසා ශ්‍රි පාද මාර්ගයේ වන්දනාකරුවන් දිගු පොලිම් වල රැදි සිටින බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

Uncategorized

කන්දකුලිය වෙරළට ආපු තල්මස්සු නැවතත් මුහුදට

තල්මස් විශේෂයක් අද (11දා) අලුයම කන්දකුලිය කුඩාව වෙරළ තිරයට පැමිණ සිටියදී ධීවරයින් හා වනජීවි, නාවික,පොලිස් කන්ඩායම් සමග විදේශීකයින් පිරිසක් එී නැවත මහ මුහුදට රැගෙන යාමට කටයුකු කල බව කල්පිටිය වනජීවි කාර්යාලය පවසයි.

Uncategorized

ඩොලර් ගේන වැල්ලවායේ හා අම්පාරේ කටු අනෝදා වගාව සාර්ථකයි

ශ්‍රී ලංකාවේ වගා කරන කටු අනෝදා සඳහා ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, චීනය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, හොන්කොන්ග්, කැනඩාව , මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලුමක් පවතී.

Uncategorized

පාරමැද වී බුදින වනඅලි

හබරණ තිරිකුණාමළය ප්‍රධානමාර්ගයේ 121 සැතපුම්ක ණුවට ආසන්නව පාරමැද වී බුදින වනඅලි රංචුවක් විදේශීය සංචාරකයන් රැගත් සෆාරි ජීප්රථ කණ්ඩායමකට දැකගැනීමට අවස්ථාවක් ඊයේ (07දා) පස්වරු හයයි තිහට පමණ උදාවී තිබූණි.

Uncategorized

රදැල්ල කෙටි මාර්ගයේ ගමන් කිරීමට අවසර හිමි වාහන

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය හරහා ටොන් පහට වඩා බර අඩු වාහන වලට අද (08දා) දින සිට එම මාර්ගයේ රථ වාහන ධාවනයට මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් භාර විධායක ඉංජිනේරුවරයා විසින් අවසර ලබා දි ඇති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

Uncategorized

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙරාතුව පෙරහුරුවක්

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් 2023.02.08 වැනිදා විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (06) පැවැත්වූ අතර කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Uncategorized

දිඹුලාගල පුල්ලිගොඩ විහාරයේ බූලාට පාංශකූලයත් දී අවසන් කටයුතු කරයි

වසර දහයකට අධික කාලයක් දිඹුලාගල ඓතිහාසික පුල්ලිගොඩ රජමහා විහාරස්ථානයේ සිටී සුනකයෙකු 05 වෙනිදා නවම්පුර පසළොස්වක් පොහෝදා මියයෑමෙන් පසු ඓතිහාසික දිඹුලාගල ආරන්‍ය සේනාසනය අනුනායක අතිපූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමියන් ප්‍රමුඛ සිල් සමාදන් වීමට පැමිණි උවැසි, උවැසියන් එම සුනඛයාට පාංශකූලය ලබාදී පින් පමුණුවමින් පෙට්ටියක බහා අවසන් කටයුතු කිරීමේ පුවතක් වාර්තා විය.

Uncategorized

ඉන්දුනීසියානු යුද නැවක් කොළඹට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

75 වැනි නිදහස් උත්සවය අද

(LIVE) ශ්‍රී ලංකාවේ අභිමානවත් 75 වැනි නිදහස් උත්සව දිනය අදට යෙදි තිබේ. මෙහි ප්‍රධාන උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතය.

Uncategorized

75 වන නිදහසට සමරු මුද්දරයක් සහ සමරු කාසියක්

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

Uncategorized

දරුවො හඩයි බඩගින්නට - තිබුණ වැටුප ලෙවකන්නට

එහිදී ඔවුන් ’ජීවන බර අහස උසට, දරුවො හඩයි බඩගින්නට, තිබුණ වැටුප ලෙවකන්නට, රනිල් කෙළියා නැතිවෙන්නට’ යනාදී සටන් පාඨ කියමින් දහවල් ආහාර නොගෙන උද්ඝෝෂණයේ නිරත වූහ .

Uncategorized

දේශීය අගය එකතු කිරීමක් සහිතව එකලස් වන සෙනාරෝ

කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය( SOP)ට අනුව නිෂ්පාදනය ආරම්භ කළ සෙනාරෝ ( SENARO ) GN 125 නවතම මෝටර් සයිකලය වෙළෙඳපොළට හදුන්වා දීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ලේක් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා ( ජනවාරි 31 ) සිදුකෙරිණි.

Uncategorized

“අමාන් - 2023” සඳහා සමුදුර ලංකාවෙන් යයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් - 2023 (AMAN - 2023) සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ඊයේ දින (2023 ජනවාරි 31) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි වරාය බලා පිටත් විය.

Uncategorized

ජීවිත 50ක් රැක්ක ලංගම රියදුරු

කොළඹ බලා දිවෙන මගී බස් රථයක් අද (30දා) හපුතලේ බෙරගල අතර මාර්ගයේදී තිරිංග ක්‍රියාවිරහිත වීමත් සමග ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය මාර්ගය අයිනේ ඇති ජලය බැස්සවීම වෙනුවෙන් සකස් කළ කොන්ක්‍රීට් කාණුවකට අල්ලා නතර කර පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට එහි රියදුරු සමත්වූ බව පොලීසිය කියයි.

Uncategorized

දඹුල්ලේ එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු, පළතුරු හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල අද (30 දා) වන විට විශාල වශයෙන් පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.

Uncategorized

අටමස්ථානාධිපතිට සන්නස්පත්‍ර පිළිගන්වයි

අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පුණ්‍යෝත්සවය පැවැත්විණි.

Uncategorized

නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා සමන් පිච්ච පැළ සිටුවයි

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගය දෙපස සමන් පිච්ච පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් ඊයේ (25දා)දවස පුරා පැවැත්විණි

Uncategorized

මාලිමාවේ අනුරපුර රැළියට ජන ගඟක්

එළැඹෙන මාර්තු 9 වෙනිදා යනු මේ රටේ ජනතාව තමන්ගේ හදවතේ ඇති වේදනාව කෝපය සහ වෛරය ප්‍රකාශයට පත් කරන දිනය බවත් එසේ සිදු කරන්නේ උදෑසනම ඡන්ද පොළට ගොස් මාලිමාව ලකුණ ඉදිරියේ ඡන්දය සටහන් කරමින් යැයි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Uncategorized

විජය මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනකු රචිත කෘති තුනක් අධ්‍යාපන අමාත්‍යවරයාට

විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

Uncategorized

ඇවිදින මංතීරු 25 කට රුපියල් මිලියන 1,263 ක් වැය කරලා

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම මංතීරු ඉදිකර තිබේ.

Uncategorized

කිදෙල්පිටියේ වලව්වක මහා පරිමානයෙන් කසිප්පු පෙරලා

බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රසිද්ධ පැරැණි වලව්වක් කුලීපදනම මත ලබාගෙන පවත්වාගෙන ගිය, මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

Uncategorized

ඇමෙරිකානු යුද නැවක් කොළඹට

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

මෛත්‍රි වෙනුවෙන් සුදා කැට හොල්ලයි

පාස්කු ප්‍රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි මහතා ඊයේ (17දා) කොළඹ කොටුවේදී කැට සොලවා මුදල් එකතු කිරීමක් සිදු කළේය.

Uncategorized

ජනපතිගේ නිවසට ගිනි තැබූ අය යැයි සැක 5කගේ සිතුවම් මෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පුද්ගලික නිවසට රාත්‍රි කාලයේ අයුතු ලෙස ඇතුළු වී දේපලවලට පහරදී, ගින්නෙන් හානි කර, දේපළ විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්ඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.