මධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

ජාතික ජල විදුලි බල පද්ධතියට අයත්, ලක්ෂපාන නව ලක්ෂපාන,පොල්පිටිය,කැනියොන්, හා විමලසුරේන්ද්‍ර විදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි. 

මධ්‍යම කඳුකරයට පවතින වියළි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම අද(13) දා වන විට පිටාර මට්ටමේ සිට මට්ටමේ සිට  පිළිවෙලින් අඩි 19 ක් හා 22  ක් ලෙස පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරු පැවසූහ.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

0 comments

Leave a Reply

Post Comment