එළැඹෙන මාර්තු 9 වෙනිදා යනු මේ රටේ ජනතාව තමන්ගේ හදවතේ ඇති වේදනාව  කෝපය සහ වෛරය ප්‍රකාශයට පත් කරන දිනය බවත් එසේ සිදු කරන්නේ උදෑසනම ඡන්ද පොළට ගොස් මාලිමාව ලකුණ ඉදිරියේ ඡන්දය සටහන් කරමින් යැයි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, "එක්වෙමු, දිනවමු, විසඳුම මාලිමාව" යන තේමාව යටතේ ඊයෙ (25 දා)  පස්වරුවේ, අනුරාධපුර කඩ 50 දී  පැවැති  ජාතික ජන බලවේගයේ සමාරම්භක රැළිය අමතමින්ය.

පූජ්‍ය බද්දේගම සමිත හිමි, කේ .ඩී ලාල්කාන්ත, මහාචාර්ය සේන නානායක්කාර, ජාතික ජන බලවේයේ අනුරාධපුර නගර සභා අපේක්ෂක වසන්ත සමරසිංහ යන මහත්වරු මෙහිදී අදහස් දැක් වූහ.

මේ සඳහා මහා සංඝරත්නය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල  විවිධ වෘත්තිකයන්, ඇතුළු මහජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

4 comments

Demuni Uduwara

02 years 04 months 27 days 02 hours 10 minutes 30 seconds ago

Sentence is apparent !

Reply

Dengu Nona

02 years 04 months 27 days 02 hours 10 minutes 33 seconds ago

Sena Nanayakkarath dan JVP welaada ? Oka ena ena aadnuwata jack gahalaa waraprasaaa labaa gath bada jahariyek. Oya Sakkiliyaagen Paressam welaa inna, Anura!

Reply

Jayasinghe

02 years 04 months 27 days 02 hours 10 minutes 40 seconds ago

Jayawewa obathumata idiriyatama yanna baya novi

Reply

jinji

02 years 04 months 27 days 02 hours 10 minutes 41 seconds ago

250ක් වගේ ඉන්නේ

Reply

Leave a Reply

Post Comment