ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පුද්ගලික නිවසට රාත්‍රි කාලයේ අයුතු ලෙස ඇතුළු වී දේපලවලට පහරදී, ගින්නෙන් හානි කර, දේපළ විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්ඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

මෙම අපරාධය සම්බන්ධ බවට සැක කළ හැකියැයි අයවලුන්ගේ සිතුවම් ගත කළ ඡායාරූප පහක් අපරාධ වාර්තා කොට්ඨාසය මගින් නිර්මාණය කර තිබේ.

එම ඡායාරූපවලට සමාන හැඩරුව සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලබාදීමට දුරකතන අංක කිහිපයක්ද පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව 071-8594913/011-2449358/011-232141 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.

0 comments

Leave a Reply

Post Comment