වසර දහයකට අධික කාලයක් දිඹුලාගල ඓතිහාසික පුල්ලිගොඩ රජමහා විහාරස්ථානයේ සිටී සුනකයෙකු 05 වෙනිදා නවම්පුර පසළොස්වක් පොහෝදා මියයෑමෙන් පසු ඓතිහාසික දිඹුලාගල ආරන්‍ය සේනාසනය අනුනායක අතිපූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමියන් ප්‍රමුඛ සිල් සමාදන් වීමට පැමිණි උවැසි, උවැසියන් එම සුනඛයාට පාංශකූලය ලබාදී පින් පමුණුවමින් පෙට්ටියක බහා අවසන් කටයුතු කිරීමේ පුවතක් වාර්තා විය.

එම සුනඛයා පසුගිය දිනක ත්‍රීරෝද රථයකට යට තුවාල වීමෙන් පසුව දින කිහිපයක් සිංහපුර චේතියාලංකාර නාහිමියන් රෝහල් වෙත රැගෙන යමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ අතර පස්වෙනිදා දහවල් එම සුනඛයා හෙවත් බුලා මිය ගියේය.

පසුව චේතියාලංකාර නාහිමියන් සහ විහාරස්ථානයේ සාමනේර හිමියන් හා දායකයින් කිහිප දෙනෙකු පෙට්ටියක් සකසා බූලාට   පින් අනුමෝදන් කරමින් මතක වස්ත්‍ර පූජාකර පැන් වඩා අවසන් කටයුතු කිරීමට කටයුතු සූදානම් කළහ,

වසර දහයකට අධික කාලයක් තම විහාරස්ථානයේ ජීවත් වූ බූලා මිනිසුන්ට මෙන්ම සතුන්ටද කරුණාව දැක්වූ සුනඛයෙකු බවත් අන් සුනඛයන්ගේ නොමැති ලක්ෂණ බූලා සතුව තිබූ බවත්, සතුන්ට කරුණාව දැක්විය යුතු බවත්, මෙහිදී  අනුශාසනාවක් සිදු කරමින් සිංහපුර චේති‍යාලංකාර නාහිමියන් සඳහන් කළහ.

සුනඛයාට පැන් වඩන මොහොතේ විහාරස්ථානයේ සිටි සාමණේර භික්ෂුන් වහන්සේගේ මෙන්ම  සිල් සමාදන් වීමට පැමිණි දායක  
කාරකාදීන් කිහිප දෙනෙකුගේ දෙනෙතින් කඳුළු රූරා වැටුණි.  

සිල් සමාදන් වීමට පැමිණි බාල, තරුණ, මහලු, සියලු දෙනාම මෙම බූලාගේ අවසන් කටයුතු වෙනුවෙන් සහභාගි වී විහාරස්ථ භූමියේ කපන ලද වලක බූලාවළදැමීමට කටයුතු කෙරිණි.

මනම්පිටිය නිමල් ජයරත්න

1 comment

anura

02 years 04 months 15 days 07 hours 33 minutes 19 seconds ago

මේ පත්තරය ගැන ලැජ්ජයි. ඔය ගොල්ලන්ට දාන්න වැදගත් නිව්ස් නැතිව බල්ලෙක් ගේ මරණය ගැන දින ගණනාවක් මෙහි ඵල කරන්නේ? ලැජ්ජයි.

Reply

Leave a Reply

Post Comment