Uncategorized

ඉන්ධන මිල අඩු කරන බවට දැනුම් දීමත් දිගු පෝලිම් වාෂ්ප වෙයි

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සමගම ඉන්ධන හිඟ වේ යැයි බියෙන් ඉන්ධනහල් අසල පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් පෙරවරුවේ දක්නට ලැබිණි

Uncategorized

සිංගප්පූරුවෙන් ආපු අමුත්තා වෙනුවෙන් කටුනායක පහසුකම් පුළුල් කරයි

ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 - 10 වර්ගයේ මෙම ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය .

Uncategorized

මඩකලපුව දුම්රිය නවත්වමින් ජනතාව විරෝධයේ

මඩකලපුව, කොකුවිල් පොලිස් වසමේ ත්‍රායිමඩු ස්විස් ගම්මානය ප්‍රදේශයේදී ඊයේ සවස දුම්රිය මාර්ගයේ ගමන් කිරම අවහිර කිරීමට විරෝධය පළ කරමින් මහජනතාව කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රිය නතර කරමින් පැය 3ක කාලයක් උද්ඝෝෂණයේ යෙදුනි.

Uncategorized

කාන්තාවන්ට පමණයි තරගාවලියට ප්‍රංශයෙන් තරුණියන් 250ක් එයි

ලෝකයේ කාන්තාවන් පමණක් සහභාගී වන ත්‍රාසජනක , අභියෝගාත්මක ’’රේඩ් ඇමසෝන් ’’ (Raid Amazones ) ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට ප්‍රංශයේ සිට එරට තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම 03/20 දින අලුයම පැරිස් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Uncategorized

නුවරඑළියට ආපු යකඩ අශ්වයා

අශ්වයන් හා බැදි නුවරඑළිය නගරයේ සංචාරක ආකර්ශණය වර්ධනය කිරිමේ අරමුණ මත නුවරඑළිය කාර්මික විද්‍යාලය මගින් එම විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද යකඩ අශ්ව අනුරුව එළිදැක්විම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

Uncategorized

වර්ජනය සංචාරකයන්ට බලපාන හැටි

බස් රථ වලින් (14) දින නුවරඑලියට පැමිණ එම සංචාරකයන් (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බවයි සංචාරකයන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටියේ.

Uncategorized

නව පුෂ්පරාග මැණිකක් රත්නපුරෙන් සොයා ගනියි

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

Uncategorized

ත්‍රිකුණාමලයට ඇමෙරිකානු යුද නැවක් එයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

නරක්වූ බිත්තර ලක්ෂයක් රක්ෂිතයකට ගෙනත් දාලා

නරක් වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මහකුඹුක්කඩවල වල්පාළුවට ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

Uncategorized

සති අන්ත නිවාඩුවට ශ්‍රී පාද වන්දනාවේ ගිය අයගේ හපන්කම් මෙන්න

සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය.

Uncategorized

බෙංගාලි ව්‍යාඝ්‍ර පැටව් පළමු උපන්දිනය සමරයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු වැඩ සටහන යටතේ 2006 වසර මෙරටට චීනයේ සියැංජින් ෂපාරී උද්‍යානයෙන් ගෙන්වනු ලැබූ රොබින් හා කෙල්ල යන යුවලට ද්‍රාව 2022 මාර්තු මස 05 වන දින සත්වෝද්‍යානය තුළදී උපත ලද අකිරා, ඩියෝ , ඩූමා යන බෙන්ගාලි ව්‍යාග්‍ර පිරිමි පැටවුන් තිදෙනාගේ පළමුවන උපන් දින සැමරුම අද (05ද)ා වන දින සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කරනු ලැබිණ.

Uncategorized

ලෝකයේ විශාලම මගී ගුවන් යානය කටුනායකට එයි

ඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත් , එම ගුවන් තොටුපළ අහසෙහි මෙම ගුවන් යානයට වට කීපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට මෙම ගුවන් යානයේ ගුවන් නියමුවන් තීරණය කර තිබුණි .

Uncategorized

වරකාපොල මාරක අනතුරක්

වරකාපොල නගරයේ අද අලුයම සිමෙන්ත් ප්‍රවාහනය කරන ට්‍රක් රථයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Uncategorized

ආණ්ඩුව වෙනස් කිරීමට මහ පාර විකල්පය නොවෙයි

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Uncategorized

වේගාට උප්පැන්නය ලැබෙයි

සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

Uncategorized

මඩේ එරුණ ’තනියා’ අවසන් ගමන් යයි

කරුවලගස්වැව එගොඩපිටිය පෙරියවිල්ලුව වැවේ මඩේ එරි ගොඩ ඒමට නොහැකි වු තනියා නැමති සද්ධන්ත වල් අලියකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව කරුවලගස්වැව වනජීවි නිළධාරින් පවසයි.

Uncategorized

ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවක් ලංකාවට

සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගනිමින් අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Uncategorized

අලි රෑනම වගා ළිඳක

වවුනියාව,සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වනඅලි හතරදෙනකු බේරා ගැනීමට ඊයේ (27) සවස වවුනියාව වනජිවි නිළධාරීන් පියවර ගනු ලැබීය.

Uncategorized

ඩයිනමෝවෙන් පාන් විකුණයි

අධික ලෙස ඉහළ ගොස් ඇති විදුලි බිල තම බේකරි කර්මාන්තයට දැඩිව බල පෑ ඇති බවත් එය පාරිභෝගික ජනතාව මත පැටවිය නොහැකි නිසා බයිසිකලයේ ඩයිනමෝවෙන් විදුලිය ලබාගෙන ජනතාවට සේවය සලසන බවත් දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි.

Uncategorized

චීනයේ තල්ලුවත් සමගින් නිල ඇඳුම් බෙදා හැරීම ඇරඹෙයි

මෙවර පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට මුල දී එකඟතාව පළ කර තිබූ චීන රජය, තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරු ව කරනු ලැබූ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ප්‍රදානය 70% දක්වා වැඩි කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Uncategorized

ජනපතිගෙන් ආරාධනාවක්

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.

Uncategorized

රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍යයි

අද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් තැනකට ඔසවා තැබීම මෙම වසර අවසාන වීමට පෙර සිදු කරන බව ද පැවසුවේය.

Uncategorized

ඉහළම උසක සිට ක්‍රිකට් පුහුණුවීම් අරඹයි

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් නවසිලන්ත සංචාරයට ප්‍රථම නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වයෙන් ඊයේ (18) දින සිට පුහුණුවිම් ආරම්භ කර ඇත.

Uncategorized

නගරය ලස්සන කරන්න අක්කර 10ක එළවළු වගාවක් විනාශ කරයි

නුවරඑලිය හාවාඑලිය බොරලන්ද ප්‍රදේශයේ රජයට අයත් අක්කර 10 පමණ ඉඩමක වගා කර තිබු එලවළු වගාවක් වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් ස්කේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් විනාශ කිරිමට ඉකුත් (18) දින පියවර ගෙන ඇති බව එම ඉඩමේ එලවළු වගා කල ගොවින් කියා සිටියි.

Uncategorized

බවුසර් රථයක් පාරෙන් පිට යයි

නුවරඑළිය සිට කැප්පටිපොල සහ වැලිමඩ දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් නුවරඑළිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වීමෙන් එම බවුසර් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහායකයා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවත්, පෙරලුණු බවුසර් රථයේ ප්‍රවාහනය කළ ඉන්ධන කාන්දු වන බව නුවරඑලිය පොලීසිය පැවසිය.

Uncategorized

ඉන්දුනීසියානු යුද නැවක් කොළඹට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.