විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටියානා අවසන් 16ට
ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාව නියෝජනය කරළ ක්‍රිස්ටියනා පීරිස් සමත්වූවාය. එම තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ඊයේ (26දා) රාත්‍රියේ නිමාවට පත්විය.
විශ්ව රූ රැජිණ තරගාවලියේ කිරුළ දකුණු අප්‍රිකාවේ ඩෙමී ලෙයි සම්මාන දිනාගත්තාය.
1955 වසරේදී විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි අනුශූරතාව (තෙවැනි ස්ථානය) දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට එම තරගාවලියේ ඉහළ ස්ථානයක් හිමිවූ අවස්තාව මෙය විය.
ක්‍රිස්ටියානා 23 හැවැරිදි වියේ පසුවන්නීය. ඇය මෝස්තර නිරූපිකාවක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කටයුතු කරන්නීය.
එයින් ලැබෙන මුදලින් අඩක් ඇය පිළිකා රෝගීන් වෙනුවෙන්ද යොදවයි. ඇයගේ මව මෙන්ම ආච්චි හා සීයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේද පිළිකා හේතුවෙනි.
ක්‍රිස්ටියානා 2017 වසරේ විශ්ව රූ රැජින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති තරගයේ ජයග්රාහිකාවද වන්නීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


