විවාහ දිනය සාර්ථක කරගන්න ඔබට අත්වැළක්
තාරුණ්‍යයේ පසුවන කොයි කාගේත් ඇති එකම සිහිනය විවාහයයි. මේ දිනය උදා වනතෙක් කොයි කවුරුත් බලන් ඉන්නේ ඉතාම නොඉවසිල්ලෙන්.
මේ නිසාම ඒ සුන්දර දවස ලස්සන කරගැනීමට අප සියලු දෙනාම වෙහෙසෙන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. ඇතැම්විට අප ඒ සඳහා සූදානම් වන්නේ වසරක පමණ කාලයක සිටයි. ඔබේ යෙහෙළියකගේ හෝ මිතුරියකගේ මංගල දිනය සැලසුම් කිරීම සම්බන්ධව ඔබටද අත්දැකීම් තිබිය හැක. කොපමණ කාලයක සිට සැලසුම් කළද එම දිනයේ කුමන හෝ අතපසුවීමක් සිදුවිය හැක.
එහෙයින් අද අපි ඔබට පැවසීමට සූදානම් වන්නේ ඔබේ මංගල දිනය තිතට නූලට සැලසුම් කරනා ආකාරයයි. ඒ රෝහිත හේරත් මහතා විසින් එළිදක්වන ලද 'දීගය' නම් ග්‍රන්ථය ඇසුරෙණි.
මෙම ග්‍රන්ථය මංගල දිනයට සූදානම් වන පළමු දිනයේ සිට ළඟ තබාගෙන සියල්ල අකුරට ලියා ළඟ තබාගැනීමට හැකි ග්රන්ථයකි. එහි මංගල දිනයට නැකත් නියම කර ගන්නා දිනයේ සිට මනාලිය මනාලයාගේ නිවසට යාම දක්වා සියලුම කටයුතු සැලසුම් සහගතව දක්වා ඇත.
මේ පොත ඔබට පිරවීමට සැකසූ පොත් පිංචක් ලෙස හැඳින්විය හැක. මෙහි සියලුම නැතත් ලියා දැක්වීමට වෙනම පිටු, ඒ වගේම මංගල දිනයට ආරාධනා කරන්නන්ගේ නම් ලිවීමට වෙනම පිටු කිහිපයක්, මංගල සාරිය ගැනීමට හැකි ස්ථාන, මිල කොපමණද, දුරකථන අංක මොනවාද, ඇණවුම් කළ හැකි හෝටල් මොනවාද, කෑම පිඟානක මිල කීයද, හෝටල් මැනේජර්වරයාගේ දුරකථන අංකය, පෝරුවට අවශ්‍ය කරන බඩු භාණ්ඩ, අවශ්‍ය බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ කවුරුන්ද, ආදී වශයෙන් කුඩාම කාරණයේ සිට සියලු කරුණු ඉතා සැලසුම් සහගතව මෙහි දක්වා ඇත.
ඒ නිසා ඔබට සිදුවන අතපසුවීම් මග හරවා ගතහැකිය. ඒ තුළින් ඔබට ඔබේ ඔළුව නිදහසේ තබාගෙන සියල්ල ක්‍රමානුකූලව, නිවැරදිව සංවිධානය කිරීමේ හැකියාව තිබේ.
ඇතැම්විට මංගල දිනය අවසාන වූවිට ඔබට ඔබෙන් වියදම් වූයේ මොනවාද කියා සොයා ගැනීමටත් නොහැකි වන අවස්ථාවලට ඔබට මුහුණ දීමට සිදුවිය හැක. මේ 'දීගය' යන පොත ඔස්සේ සියලු දේ ඔබට සටහන් කර ගැනීමට හැකි නිසාවෙන් සියලු ගණන් හිලව් සම්බන්ධ පැහැදිලි ලියවිලි ඇති බැවින් ඒ සියලු අතපසුවීම් ඔබට මගහරවාගත හැක.
ඔබත් ළඟදී විවාහ වීමට සිටින අයෙක් නම් මේ 'දීගය' පොත මිලදීගෙන ඔබේ මංගල දිනය ඉතාම සැලසුම් සහගතව සියලු දේ කලට වේලාවට ඉටුකර ගැනීමට හැකියාව ලැබේ. මේ පොත මිලදී ගැනීමට ඔබ උනන්දුවක් දක්වනවා නම් පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
077 3 090 896 - රෝහිත හේරත්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

