www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
චීනයේ සන්යා හි පසුගියදා (19දා) පැවති %2017 ලෝක රූ රැජින^ තරගයේ කිරුළ හිමිකර ගැනීමට සමත් වූයේ ඉන්දියාව නියෝජනය කළ 20 හැවිරිදි මානුෂි චිල්ලර් (Manushi Chhillar) නමැති සූරූපී තරුණියයි. ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වෙසෙන ඇය, මේ වනවිට පූල් ඉන්දීය රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරත වන වෛද්‍ය සිසුවියකි. %Femina Miss India^ තරගය ජයගැනීමෙන් පසු ඇයට මේ සඳහා සහභාගි වන්නට අවස්ථාව උදා විය. මෙහි අනුශූරතාව මෙක්සිකෝ රූ රැජින වන ඇන්ඩ්‍රියා මීසාටත් (Andrea Meza), තෙවන ස්ථානය එංගලන්ත රූ රැජින වන ස්ටෙෆනි හීල්ටත් (Stephanie Hill) හිමිවිය. 2000 වර්ෂයේ ලෝක රූ රැජින ලෙසින් ප්‍රියංකා චොප්රා කිරුළු පැලඳීමෙන් වසර 17කට පසු නැවතත් ඉන්දියාවට ලෝක රූ රැජින කිරුළ ගෙන ඒමට මානුෂි චිල්ලර් සමත් විය. මෙවර තරගාවලියට ලෝකයේ රටවල් 108ක් සහභාගි වූ අතර, මේ සඳහා ලංකාව නියෝජනය කරමින් දුෂේනි ද සිල්වා සහාභාගි විය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd