රූ රැජින තරග වෙනුවෙන් නවකයො ආවම අපිට පුළුවන් ජාත්‍යන්තර තරග සඳහා සුදුසුම කෙනාව යවන්න
මේ වසරට අදාළ Mrs. Sri Lanka for Mrs. Universe සහ Miss Sri Lanka for Tourism World යන තරගාවලි දෙක අගෝස්තු මසයේදී පැවැත්වීමට නියමිතය. අද වනවිට මෙවැනි තරගාවලි බොහොමයක් දැකගත හැකි අතර, එනිසාම මේ ක්ෂේත්රය සම්බන්ධව ඇතිවන කටකතාවලද අඩුවක් නැත.
එමෙන්ම අද වනවිට මේ ක්ෂේත්රය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමක්ද දැකගත හැක. ඒ නිසාවෙන් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමසා බැලීමට අප තීරණය කළෙමු. ඒ සඳහා අප Mrs. Sri Lanka for Mrs. Universe සහ Miss Sri Lanka for Tourism World තරගාවලියේ ජාතික අධ්යක්ෂ මලිත් රණසිංහ මහතා 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.
Q පැවැත්වීමට නියමිත Mrs. Sri Lanka for Mrs. Universe සහ Miss Sri Lanka for Tourism World යන තරගාවලි දෙක ගැන කතා කළොත්?
මේ වසරෙදී Mrs. Sri Lanka for Mrs. Universe සහ Miss Sri Lanka for Tourism World යන තරගාවලි දෙකම සංවිධානය කරනවා. එය අගෝස්තු මස 07 වෙනිදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ තරගාවලිය සඳහා පර්යේෂණ වට දෙකක් තිබුණා. ඒ ජුනි 25 සහ ජුලි 01 යන දිනවලදී. ඒ හරහා Miss සහ Mrs යන අංශ දෙකෙන් අවසන් මහා තරගයට තරගකාරියන් තෝරා ගෙන තිබෙනවා.
Mrs. Universe කියන්නේ විවාහක අංශයෙන් ලෝකයේ තිබෙන ලොකුම තරගය. Miss Tourism World කියන්නෙත් ලෝකයේ තිබෙන හොඳම තරගයක්. මෙහිදී Mrs. Universe තරගයෙන් ජයග්‍රහණය කරන තරගකාරිය අගෝසතු මාසයේ 26 වෙනිදා ලංකාවෙන් පිටත් වෙනවා ජාත්‍යන්තර තරගෙට දකුණු අප්‍රිකාවට. Miss Sri Lanka for Tourism World තරගයෙන් ජයග්‍රහණය කරන තරගකාරිය ලබන ජනවාරි මාසයේ මැලේසියාවේ තිබෙන ජාත්‍යන්තර තරගෙට සහභාගි වෙන්න නියමිතයි.
Q මේ තරගාවලියේ තිබෙන ප්‍රමිතිය ගැන කතා කළොත් එය මොන වගේ මට්ටමකද තිබෙන්නෙ?
මේ තරගාවලිය ලංකාවේ ඉහළම මට්ටමේ (Top Class) තිබෙන බියුටි පැජන්ට් එකක්.
Q මේ තරගාවලිය ලංකාවේ පවත්වන්නේ කීවෙනි වරටද?
Mrs. Universe තරගාවලිය ලංකාවේ පවත්වන්නේ දෙවෙනි වරට. 2016 වසරේ තමා පළමු වරට ලංකාවේ මේ තරගාවලිය පැවැත්වූයේ.
Q මේ තරගාවලියට ලෝකයේ කොපමණ රටවල් ප්‍රමාණයක් සහභාගි වෙනවාද?
සාමාන්‍යයෙන් Mrs පැජන්ට් එකට රටවල් 70කට අධික ප්‍රමාණයක් සහභාගි වෙනවා. ඒ වගේම Miss පැජන්ට් එකට රටවල් 40ක් පමණ සහභාගි වෙනවා.
Q මෙවැනි තරගවලට ඉදිරිපත් වීම හේතුවෙන් අපේ රටට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිලාභද?
ලංකාව කියන්නේ පොඩි රටක්. ලංකාව ගැන ලෝකය දන්නේ ඉතා සීමිත අංශ කිහිපයකින් පමණයි. නමුත් මේ වගේ ජාත්‍යන්තර තරගෙකට අපේ රටේ තරගකාරියක් සහභාගි වීම නිසාම ලංකාව කියල රටක් තිබෙන බව ඔවුන් හඳුනා ගන්නවා.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනූව අපි තරගකාරියක්ව තෝරාගෙන යැව්වම ජයග්‍රහණය කරන්න තිබෙන අවස්ථාව වැඩියි. ඒ හරහා ජයග්‍රහණයක් ලබා ගත්තොත් ලංකාවට මේ හරහා විශාල කීර්තියක් ලැබෙනවා.
Q අද වනවිට වසරකට මේ වගේ තරගාවලි විවිධ නම්වලින් පවත්වන බවක් දැක ගන්න පුළුවන්. ඒ තරගාවලි අතරින් මෙහි තිබෙන වෙනස මොන වගේද?
අපි බියුටි පැජන්ට් එකක් හෝ කුමන හෝ තරගයක් පවත්වන්න ඕන තිබෙන හොඳම මට්ටමෙන්. දැන් පවත්වන සමහර බියුටි පැජන්ට් රටටවත් වැඩක් නැහැ. ඒ වගේම ඒ තරගාවලිවල ප්‍රමිතියක් නැහැ. නමුත් Mrs. Universe සහ Miss Tourism World කියන්නේ ලෝකයේ හොඳම පිළිගැනීමක් තිබෙන පැජන්ට් දෙකක්.
ඒ වගේ තරගෙකට තරගකාරියන් සහභාගි වෙනවා කියන්නේම ඒ අයට ලොකු ජයග්‍රහණයක් ලබනවා කියන එකයි. ඊට අමතරව ජාත්‍යන්තර තරගයකට සහභාගි වීමෙන් ලැබෙන අත්දැකීම් ඉහළයි. මේ වගේ ජාත්‍යන්තර තරගයකට සහභාගි වෙන්න ලැබීමම තරගකාරියන්ට ලොකු අවස්ථාවක්
නමුත් සමහර බියුටි පැජන්ට්වලදී වෙන්නේ මුදල් ලබා ගෙන ඒ තරගෙට සුදුසු නැති කෙනෙක් යවනවා. එහෙම නැත්නම් අනුග්රාහකයන්ගේ හිතවතුන් යවනවා මිසක් ලංකාවට ජයග්‍රහණයකට මගපාද ගන්න පුළුවන් තරගකාරියක් යවන්නෙ නැහැ.
මම හිතන්නේ මේ හැමදේම සිදු වෙලා තියෙන්නේ වාණිජකරණයත් එක්කයි. මම ඉල්ලා සිටිනවා ඒ තරග පවත්වන තරග සංවිධායකයන්ගෙන් හරි ප්‍රමිතියකින් යුතුව තරග පවත්වන ලෙස. එසේ වුවහොත් මේ ක්ෂේත්රයට තවත් අලුත් මුහුණු නුදුරේදී අපට දැක ගන්න පුළුවන් වෙයි.
Q මේ වගේ තරගාවලි සඳහා ලංකාවේ ප්‍රසිද්ධ කාන්තා චරිත සහභාගි වී ජයග්‍රහණ අත් කර ගත්තා. නමුත් පසුව ඒ ජයග්‍රහණ සම්බන්ධව විවිධ කටකතා ඇතිවුණා. මේ සම්බන්ධව ඔබගේ අදහස මොන වගේද?
ප්‍රසිද්ධ චරිත කිව්වම අපි ඉස්සෙල්ලාම කරන්නේ ෆේස් බුක් එක හරහා හෝ මාධ්‍යක් හරහා ප්‍රචාරය කරනවා මේ වගේ තරගාවලියක් පවත්වන බව සහ ඒ සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්න කියා. ඒ වගේම මේ අවුරුද්දේ විශේෂත්වය දමිළ තරගකාරියන් අයදුම් කරලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ හැම පැත්තකින්ම මේ තරගය සඳහා අයදුම්පත් ඇවිත් තිබෙනවා.
ඒ අතර ජනප්‍රිය චරිතත් මෙයට අයදුම් කරනවා. නමුත් අපි මේ සියලු දෙනාට සලකන්නේ එක හා සමානව. මේ සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වෙලා , අනු තරගවලට සහභාගි වෙලා ඒ සියලුම තරගවලින් වැඩිම ජයග්‍රහණයක් ලබා ගන්නා සහ එයාලගේ පුරුදු සහ ඒ අචාරශීලී ගතිගුණ අනූව තමා තේරීම් කරන්නෙ.
මේ තරගාවලියට සහභාගි වන තරගකාරියන් පැමිණෙන කෙනා නෙවේ මේ තරගාවලියෙන් එළියට යන්නෙ. ඒ අයට මේ තරගාවලිය ඔස්සේ ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ජාත්‍යන්තර තරගවලියකට අවශ්‍ය සියලු සුදුසුකම් සෑදීම තමයි මේ ජාතික තරගාවලියෙන් සිදු කරන්නෙ. මේ අනු තරගවලින් වැඩිපුරම ලකුණු ගන්න තරගකාරියන්ව අවසාන මහා තරගාවලියේදී ඔවුන්ගේ දක්ෂතා බලා වැඩිම ලකුණු ගත් තරගකාරිය ජයග්‍රාහිකාව ලෙස තෝරා පත් කර ගන්නවා.
මෙහිදී විශේෂයෙන් කියන්න ඕන කිසිම කෙනෙකුට පෞද්ගලිකව ඇරයුම් කරලා මේ තරගාවලියට සහාභාගි වෙන්න ජයග්‍රහණයක් ලබා දෙන්නම් කියා කිසිම අවස්ථාවක එවැනි දේ සිදු කරලා නැහැ. අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ ක්ෂේත්රයට එන්න ඕන අලුත් අය.
ප්‍රසිද්ධ අයට තිබෙන එක වාසියක් තමා ඒ අය මේ ක්ෂේත්රයේ කාලයක් තිස්සේ වැඩ කරගෙන ගිහින් ගත් අත්දැකීම්. ඔවුන් දන්නවා මේ වගේ තරගාවලියකදී තරගකරුවෙකුගෙන් බලාපොරොත්තු වන කුසලතා මොනවාද කියා.
ඒ නිසා අලුත් කෙනෙකුට වඩා ඒ වගේ දේවල්වලදී මොවුන්ට ලකුණු ලැබෙනවා. ඒ සියලු දේවල් අරන් බලද්දී ඔබ සඳහන් කරන විදිහට ප්‍රසිද්ධ මේ ක්ෂේත්‍රෙය් රැඳිලා ඉන්න කෙනෙකුට ජයග්‍රහණයක් අත් වුණා කියන්න පුළුවන්. නමුත් මම හිතනවා ඒ හැම කෙනෙක්ම අභිබවලා අලුත් කෙනෙක්ට එන්න අවස්ථාව තියෙනවා කියලා.
Q අද වෙද්දී නිරූපණ ක්ෂේත්රයට එන පිරිසෙහි යම් වැඩි වීමක් තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස මොන වගේද?
ඇත්තටම ඒක හොඳයි. ඇත්තටම දෙවෙනි පෙළක්, තුන්වෙනි පෙළක් හැදෙන්න ඕන. උදාහරණයක් විදියට කිව්වොත් අපේ වර්තමාන ක්‍රිකට් කණ්ඩායම දැක්කම අපිට දෙවෙනි පෙළක් නිර්මාණය නොකිරීමේ පළවිපාක අපි මේ වනවිට අත්විඳිනවා.
නමුත් මම හිතන්නෙ මේ ක්ෂේත්රයේ විතරක් නෙමේ ඕනම ක්ෂේත්රයක අපි අනිවාර්යෙන්ම දෙවෙනි පෙළක් තුන්වෙනි පෙළක් නිර්මාණය කරලා තිබෙන්න ඕන.
නිරූපණ ක්ෂේත්රයෙන් ජාත්‍යන්තර තලයට ගිහින් ලොකු සේවයක් කරපු අය ඉන්නවා. ඒ අයගෙන් කිහිපදෙනෙක් විශ්‍රාම අරන් සහ කිහිපදෙනෙක් මේ තරගවලින් අයින් වෙලා තිබෙනවා. ඉතිං ඒ නිසා මම හිතන්නෙ මේ ක්ෂේත්රයට අලුතෙන් අය පැමිණෙන එක හොඳයි. මෙහෙම නවකයො අපුවම අපිට පුළුවන් ජාත්‍යන්තර තරග සඳහා සුදුම කෙනාව යවන්න.
සීමිත පිරිසක් ඉන්නව නම් අපිට එතනින් කෙනෙක් තමා යවන්න වෙන්නෙ. නමුත් ලංකාවෙ හැම පැත්තෙන්ම සහභාගි වුණාම හොඳ උසක් තිබෙන හොඳ පෙනුමක් තිබෙන හොඳ හැකියාවක් තිබෙන, හැම අතකින්ම තමන්ගේ දක්ෂතාවන් පෙන්වන, තැනකට ගිහින් හොඳට කතා කරන්න පුළුවන් තරගකාරියන් අපිට තෝර ගන්න පුළුවන්.
අද සමහර කිහිපදෙනෙක් මේ ක්ෂේත්‍රෙය් වැරදි ආකල්ප ඇති කරලා තිබෙනවා. මට කියන්න තියෙන්නේ ඒ අය මේ ක්ෂේත්රයේ දියුණුවට කිසිම දෙයක් කරපු අය නෙමේ. ඒ අය ෆේස්බුක් එකේ යූ ටියුබ් එකේ කාඩ්බෝඩ් වීරයන් වෙලා ඒ අයගේ වෙන පෞද්ගලික මතිමතාන්තර ඉදිරිපත් කර ගන්න හදනවා මිසක් මේ ක්ෂේත්රය වෙනුවෙන් සේවයක් කළ අය නෙමේ.
මම කියන්න කැමතියි අලුතෙන් එන අයට මේ කිසිම දේකට සැලෙන්න එපා කියලා. තමන් කරන දේ හරි නම් තමන්ට හොඳ දැක්මක් තිබෙනවා නම්, හොඳ දැනුමක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම නවකයන් අපිත් එක්ක එකතු වෙන්න. අපි කැමතියි අලුත් අයට ඉදිරියට යන්න අත දෙන්න.
Q මේ වගේ තරගාවලිවලට සහභාගි වීමට කැමැත්තෙන් ඉන්න අයට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නෙ?
මේ ක්ෂේත්රයේ ඉස්සරහට ලංකාව කියන අපේ රට ජාත්‍යන්තර වශයෙන් නිරූපණ ශිල්පීන් සහ ශිල්පිණියන් එක්වෙලා ලොකු ගමනක් ගෙනියන්න පුළුවන්. ඒ වගේම මම කියනවා මේ වගේ තරගාවලිවලට සහභාගි වෙන්න කියා. ඒ වගේම මේ තරගවලින් ජයග්‍රහණ ලබා ගන්න උත්සහ කරන්න.
මේක තමන් කවුද කියලා ලෝකෙට පෙන්නන්න තිබෙන හෙඳම අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාවන් මග හැර ගන්න එපා. මේ ක්ෂේත්රය ගැන වැරදි ආකල්පයක් ඇති කරන්න හදනවා නම් ඒ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලනවා ඒ දේවල් නවත්වන්න කියා.
Q මේ වගේ තරගයකින් ජයග්‍රහණය කරන්න මොන වගේ සුදුකම්ද අවශ්‍ය?
සුදුසුකම් ගැන කතා කළොත් අපිට ජාත්‍යන්තරයෙන් පනවන ඒ අදාළ තරගාවලියට අවශ්‍ය උසක් තිබෙනවා. සමාන්‍යයෙන් අඩි 5යි අඟල් 7 වගේ තිබෙනවා නම් ජාත්‍යන්තර තරගාවලියකට මූලිකම සුදුසුකමක්.
නමුත් අද ලංකාවේ තිබෙන ලොකුම ගැටලුවක් තමා උස කියන කාරණය. අපි ජාත්‍යන්තර විදියට 5.7 ක් බලාපොරොත්තු වුණාට ලංකාවේ දැන් එන්න එන්න උස අඩු වීමක් තිබෙනවා. නමුත් අපිට ලංකාවේ තිබෙන සම්පත්වලින් තමා ප්‍රයෝජන ගන්න වෙන්නෙ.
ලංකාවේ ඕන තරම් තරගකාරියන් ඉන්නවා මේ වගේ තරගවලට සහභාගි වෙන්න බයේ. මොකද මේ ක්ෂේත්රය ගැන තිබෙන වැරදි කටකතා නිසා. මම කියන්නෙ හොඳ පෙනුමක්, හොඳ හැකියාවක් තිබෙනව නම් ඔබට සමාජයත් සමග හොඳට ගනුදෙනු කරන්න පුළුවන් නම් මේ වගේ තරගවලට අයදුම් කරන්න පුළුවන්.
Q මේ වගේ තරගවලට විවාහක කාන්තාවන්ගේ සහභාගිත්වය මොන වගේ මට්ටමකද තිබෙන්නේ?
අද වනවිට විවාහක කාන්තාවන්ගේ මේ ක්ෂේත්රයට විශාල නැඹුරුවක් තිබෙනවා. ලංකාවේ මෙහෙම දෙයක් තිබෙනවා. ඒ විවාහ වුණාට පස්සෙ ගෙදරට කොටු වෙන ගතියක්. නමුත් අද වනවිට ලෝකය ගොඩක් දියුණු වෙලා තිබෙනවා. නමුත් අද සිටින කාන්තාවන් ගොඩක් සමාජශීලියි. ඒ නිසා අද වෙද්දී මේ තරඟවලට සහභාගී වෙන්න ලොකු නැඹුරුතාවයක් තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

