මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන 'හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත්' වෛරසය
මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන වෛරසයක් ලෙස %හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත්^ වෛරසය හැඳින්විය හැක. මෙහිදී දරුවන්ගේ අත්, කකුල් සහ මුඛයේ බිබිලි හට ගැනීමක් සිදු වේ. එම බිබිලි කැසීමෙන් එහි ඇති ශ්‍රාවයන් ගෑවීම ඔස්සේ මේ වෛරසය පැතිරීම සිදුවේ. සාමාන්‍යයෙන් මෙම වෛරසය දැනට වයස අවුරුදු 10ට අඩු දරුවන් අතර පැතිරීම සිදුවන නමුත් මෙය වැඩිහිටියන්ට බෝවීමේ ප්රවණතාවක්ද තිබේ.
මෙම රෝගය සඳහා විශේෂ ප්‍රතිකාරයක් නැති අතර, මේ බිබිලි හට ගැනීමෙන් උණ ඇති වීමට පුළුවන. පැනඩෝල් දීමෙන් එයට සහනයක් ලබාගැනීමට හැක.
බොහෝවිට දරුවන්ගේ අත්ල, වැලමිට යට, විලුඹ, තට්ටම් ප්‍ර‘දේශයේ සහ මුඛයේ මේ බිබිලි හට ගැනීම සිදු වේ. මුඛයේ මේ බිබිලි ආ විට කුඩා දරුවන්ට ආහාර ගැනීමේ අපහසුතා ඇති වන නිසා දියර ආහාර සහ මිරිස් අඩු ආහාර ලබා දීමට කටයුතු කරනවා නම් වඩාත් සුදුසුයි.
සාමාන්‍යයෙන් දින 07ක පමණ කාලයක් මෙම රෝගී තත්ත්වය පවතින අතර, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් මෙය බෝවීමේ ප්‍රවණතාව අඩුකර ගත හැක.
තොරතුරු සැපයීම.
මහාචාර්ය දුලානි ගුණසේකර
ළමා රෝග අංශය
වෛද්‍ය විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

