ළමා අයිතිවාසිකම් ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිඥා ලබාදෙන බවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඊයේ (16දා) ප්‍රතිඥා ලබාදුන්නේය.
ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 25 වැනි සංවත්සරය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සංවිධානය කළ වැඩසටහනකදී මහේල මෙම ප්‍රතිඥාව ලබාදුන්නේය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති මෙම වැඩසටහනේදී ගායිකා නීලා වික්‍රමසිංහ, රංගන ශිල්පිනී පූජා උමාශංකර් යන අයද ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දුන්හ.
ඡායාරූප ඉසුරු පෙරේරා