www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මත්කුඩු හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රූප රාජිනියකට කිරුළක් අහිමිවන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති ලෙබනන් ජාතිකයන්ගේ රූප රැජිනිය ලෙස අභිෂේක ලැබූ 18 හැවිරිදි නාඩා ඝම්රාවි නම් තරුණියක් මෙම සිදුවීමට මුහුණපා තිබේ.
පසුගිය 21දා ඇය ගමන්ගත් මෝටර් රථය ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පරීක්ෂා කිරීමෙන් පසුව එහි තිබී මත්කුඩු ග්‍රෑම් 22ක් සොයාගැනීම ඇයට කිරුළ අහිමිවීමට හේතුව වී තිබෙනවා.
ඉන් අනතුරුව ඇයව පොලිස් අත්අංගුවට පත්ව ඇති අතර ඩොලර් 1350ක දඩයක් ගෙවීමෙන් පසුව ඇය නිදහස් කර තිබෙනවා. කෙසේ වෙතත් ඇයට එරෙහිව මත්කුඩු චෝදනා ගොනුව නොමැති අතර මෝටර් රථයේ ගමන්ගත් 20 හැවිරිදි තරුණයෙකුට මත්කුඩු සැපයීමේ චෝදනා එල්ල වී තිබෙනවා.
මේ පිළිබඳව අවධානය යොමු කර ඇති ලෙබනන් ඔස්ට්‍රේලියා රූප රැජින තරගාවලියේ සංවිධායකයන් ඇයට එල්ල වූ චෝදනා හේතුවෙන් නාජාගෙන් කිරුළ නැවත ලබාගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් නාජාට එල්ල වී ඇති චෝදනා ඇයගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd