දේශපාලනය තුළ කාන්තා භූමිකාව පිළිබඳ මේ දිනවල සුවිශේෂී කතාබහක් ඇතිව තිබේ. ඒ නව මැතිවරණ ක්‍රමය හරහා පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය ඉහළ දැමීමත් සමගිනි. මේ පිළිබඳව සහ දේශපාලනය තුළ කාන්තා භූමිකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අප හා මෙලෙස සංවාදයකට එක් වූවාය.
Q අද මේ රටේ කාන්තාවන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබලා තියෙනවා දේශපාලන වශයෙන්. ඒ තමයි පළාත් පාලන මැතිවරණය සඳහා සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම. ඒ සම්බන්ධව කථිකාවක් මේ රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. විෂය භාර අමාත්‍යවරිය විදිහට ඔබ මේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව දකින්නේ කොහොමද?
ජාත්‍යන්තරයට සාපේක්ෂව අපේ රටේ දේශපාලන වශයෙන් කාන්තාවන්ගේ නියෝජනය ඉතා පහළ මට්ටමක තියෙන්නේ. නමුත් ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිවරිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බිහිවුණේ මේ රටේ. ඒත් කාන්තාවක් විදිහට එතුමියට කටයුතු කරන්න සිද්ධ වුණේ පිරිමි සමූහයක් නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් එක්ක. නමුත් ඒ අවස්ථාවේදී වුවත් මේ රටේ කාන්තාවන් උදෙසා සුවිශේෂී මෙහෙවරක් කිරීමට අගමැතිනියට උවමනාව තිබුණත්, කරගන්න බැරිවුණා. ඒකට හේතුව බහුතර පිරිමි පාර්ශ්වයේ සහාය ඇයට හිමි නොවීමයි.
එම තත්ත්වය නිසා වර්තමානය වනවිට බිම් මට්ටමේ කාන්තාවන් ඉතාම පීඩාකාරී තත්ත්වයන්ට පත්ව සිටිනවා. ඒකට හේතුව තමයි ශක්තිමත් කාන්තා හඬක් මේ රට තුළ නිර්මාණය නොවීම. සියයට 52ක් ජනගහන ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාව මේ රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකය පෝෂණය කරන විදේශගත, ශ්‍රමිකයන්ගේ වැඩි ප්‍රතිශතයක් ඉන්නේ කාන්තාවන්. නමුත් අපිට ආර්ථිකය තුළ එවැනි විශාල ප්‍රතිශතයක් නියෝජනය කරන්න අවස්ථාවක් ලැබුණත්, දේශපාලනය තුළ කාන්තාවන් හැටියට ඉතා පහළ මට්ටමක ඉන්නේ.
ඒ නිසා මේ රටේ කාන්තාවන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් තමයි සියයට 25ක අනිවාර්ය කාන්තා නියෝජනය හිමිකර ගැනීම. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත තමයි කාන්තාවන්ට මෙම 25% ෙහා් කෝටාව ලබාගැනීමට හැකි වුණේ. ඒ සඳහා කැපවීම් කරපු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. අද දවසේ මේ ලබාගත් ජයග්‍රහණය තුළින් කාන්තාවන් මේ රටේ දේශපාලනය තුළ විශාල ඉඩකඩක් නිර්මාණය කරගනී කියලා මම විශ්වාස කරනවා.
Q ලෝක දේශපාලනය සහ දේශපාලන ක්ෂේත්රය මෙන්ම සෙසු ක්ෂේත්රයන් තුළත් කාන්තාවන්ගේ ඉදිරියට පැමිණීමේ ප්‍රවණතාව වැඩිවෙලා. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමිය සෑහීමකට පත්වෙනවාද?
ජාත්‍යන්තරයට සාපේක්ෂව අපේ රටේ පවතින තත්ත්වය පිළිබඳව කාන්තාවක් විදියට මට සෑහීමකට පත්වෙන්න බෑ. මොකද මේ රට තුළ පවතින සමාජ, ආර්ථික ක්‍රමවේදය තුළ කාන්තාවන් අසරණ තත්ත්වයට පත්වෙලා තියෙනවා කියලා පේනවා. මම මුලින්ම කිව්ව වගේ මේ රටේ ආර්ථිකයට අදටත් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන්නේ විදේශගත ශ්‍රමික කාන්තාවන්. ඒ වගේම මේ රටේ පැවති 30 වසරක යුද්ධය හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වෙච්ච කාන්තාවන් ප්‍රමාණය ඉතා විශාලයි. මේ සියලු කාරණා තුළ කාන්තාව නිරන්තරයෙන් අසරණවෙලා තියෙනවා. ඔවුන් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ හේතූන් නිසා කාන්තාවන් හෙට දවස පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක ඉන්නේ. ඔවුන් තුළ පවතින අභියෝග කියන්න පුළුවන් වෙන්නෙත් කාන්තාවකටම විතරයි. එහෙත් ඒ කාන්තාවන්ට පිහිට වෙන්න, ඔවුන්ට හැකියාවක් තියෙනවද කියන එක පවතින තත්ත්වය තුළ ගැටලුවක්. මොකද සෑම විටම බාහිරින් නොපෙණුනාට නොපෙනෙන පුරුෂාධිපත්‍ය ග්‍රහණයකට සමස්ත සමාජ පද්ධතියම නතුවෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ කාන්තාවන්ට තවත් කෙනෙකුට පිහිට වීමේ ශක්තිමත් පදනමක් නෑ.
ඒ නිසා මෙය සමස්ත ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේම ජයග්‍රහණයක්. ඒ තුළින් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න කාන්තාවන් වන අප නිරන්තරයෙන් උත්සාහ කළ යුතුයි.
Q ඔබතුමිය විශ්වාස කරනවද මේ පළාත් පාලන ආයතන නියෝජනය සියයට 25කින් වැඩිවීම තුළින් සමස්ත ලාංකේය කාන්තාවන් මුහුණදෙන ගැටලු විසඳිය හැකියි කියලා.
නෑ. මේක එක් පියවරක් විතරයි. හැබැයි මේක තවත් එක් පියවරක් නෙමෙයි. සුවිශේෂී ජයග්‍රහණයක්. දැන් අපිට මාර්ගය හැදිලා තියෙනවා. මාර්ගයක් නැතුව අතරමං වෙලා හිටපු අපට ඉතාම හොඳ මාර්ගයක් හැදිලා තියෙනවා. ඒ මාර්ගයේ යන්න අපි විධිමත්ව සංවිධානය විය යුතුයි. සමාජ ක්‍රමය තුළ කාන්තාවක් විදිහට අපිට විවිධ චරිත නිරූපණය කරන්න සිද්ධ වෙනවා. එතනදී අපි නිරූපණය කරන චරිතය නෙමෙයි වැදගත් වෙන්නේ. හැම විටම අපි කාන්තාවන් කියන එක තමයි වඩාත් මෙතනදී වැදගත් විය යුත්තේ. අපි සියලුදෙනාම අපි කාන්තාවන් කියන එක මෙතනදී අමතක කරන්න හොඳ නෑ. ඒවගේම තමයි කාන්තාවක් වුණාම ගෙදරකට හිරවෙලා තිබිච්ච ජීවිතයක් තුළ සැඟවී තිබුණු සුවිශේෂී ශක්තියක් එළියට ගන්න වේදිකාවක් හැදිලා තියෙනවා.
අතීතයේ ඉඳලා අපේ රටේ කාන්තාවන් සහජයෙන්ම ඉතාම නිර්භීත, ශක්තිමත් ඒවගේම බුද්ධිමත් කාන්තාවන්. විහාරමහා දේවිය, අනුලා දේවිය වගේ සුවිශේෂී කාන්තා චරිත ඔස්සේ බිහිවෙච්ච ෙප්‍රෟඪ ඉතිහාසයක් අපිට තියෙනවා. අපි තුළ ඒ ශක්තිය නිතැතින්ම තියෙනවා. ඒ ශක්තිය සමාජයට මුදාහරින්න මේක හොඳම අවස්ථාවක්.
Q මේ රටේ කාන්තා කටයුතු පිළිබඳව විෂය භාර අමාත්‍යවරිය විදිහට ඔබතුමිය මේ අවස්ථාව දකින්නේ කොහොමද? දැනෙන්නේ කොහොමද?
මම පෞද්ගලිකව ආඩම්බර වෙනවා මගේ කාලපරිච්ඡේදය තුළ මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් කාන්තා පරපුර වෙනුවෙන් දායාද කරන්න ලැබීම ගැන. ඒ සඳහා විශේෂයෙන්ම මේ සඳහාම කැපවුණු අගමැතිවරයා, ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාද මෙහිදී මා සිහිපත් කරන්නේ ගෞරවයෙන්. ඒ වගේම අපි මේ රටේ කාන්තාවන්ට විශේෂ යමක් කියන්න කැමතියි. ජාතිය, ආගම, කුලය කුමක් වුවත් පාට, පක්ෂ කුමක් වුවත් ඔබ කාන්තාවක් නම් ඉදිරියට එන්න. අපි ඉන්නවා ඔබට ශක්තියක් වෙන්න.
තවදුරටත් දෙගිඩියාවෙන් සිටිය යුතු නෑ. මේ තමයි හොඳම වෙලාව. අායේ මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් ඔබට එන්නේ නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මම වයස් භේදයකින් තොරව මේ රටේ සියලුම කාන්තාවන්ට අද(14දා) සවස 2ට විහාරමහාදේවී උද්‍යානය අසලට එකතු වන ලෙස ෙගෟරවයෙන් ආරාධනා කරනවා.