පැඩ්ල් බෝඩ් (Paddle board) මතින් කිමිද, එංගලන්තයේ ජල දූෂක ප්‍රදේශවල තිබෙන පොලිතින්, ප්ලාස්ටික් එකතු කර, එයට විරුද්ධව ප්‍රබල හඬක් එංගලන්තය තුළ නැගීමට ලිසී කාර් (Lizzie carr) ඉදිරිපත් වී තිබේ.
මෙලෙස පැඩ්ල් බෝඩ් එකක් මත නැගී එවැනි පරිසර හිතකාමී සේවයක් කරන ලොව ප්‍රථම කාන්තාව වීමට ඇය සමත් වී හමාරය.
එංගලන්තයේ වෙසෙන 27 හැවිරිදි ලිසී තයිරොයිඩ් පිළිකා රෝගයෙන් පෙළුණු තරුණියක් වූ අතර, ඇගේ දැඩි ආශාව හා ධෛර්යය තුළින් ජීවිත සටනින් ජය ගන්නට ඇය සමත් වූවාය.
මීට වසර 05කට ප්‍රථම ඇය තයිරෝඩ් පිළිකා රෝගයෙන් පෙළෙන බව ඇයට දැනගන්නට ලැබිණි. පිළිකාවේ දෙවන අදියරේ සිටි ඇයට වෛද්‍යවරුන්ගෙන් ලැබුණේ අපේක්ෂා සහගත බලාපොරොත්තුවක් නම් නොවේ.
ඇයව සුව කිරීමට නොහැකි බව නිගමනය වූ බව ප්‍රකාශ කළත් මුල් අවස්ථාවේ ඇය එය විශ්වාස කළේ නැත. නමුත් පසුව ක්‍රමයෙන් තම සිත හදා ගනිමින් තමන්ට උරුම වූ ජීවිතයේ ඉදිරියට තිබෙන සෑම මිනිත්තුවකම වැඩදායී දෙයක් කිරීමට ඇය තරයේ සිතා ගත්තාය.
ඇය ඒ බව විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මෙසේය,
“ අපි අපේක්ෂා කරන ලෙසින් ඕනාවටත් වඩා දේවල් ළඟා කර ගැනීමට අප සියලු දෙනාටම හැකියාව තිබෙනවා. අපගේ පසුබෑම් අපේ ජීවිතය ධෛර්යමත් කිරීමට ගැනීම තුළින්, ධනාත්මක දේවල් සඳහා ඒවා අපට යොදාගත හැකියි.”
විකිරණශීලි ප්රතිකර්මවලට භාජනය කිරීමෙන් අනතුරුව පිළිකාව කෙමෙන් කෙමෙන් සුව අතට පෙරළුණත් ඇයට ජීවිතයේ බොහෝ දේ ඒ වනවිටත් පිළිකාවෙන්ම කියා දී අවසන්ය.
මෙයින් අඩපණ වූ ශරීර ශක්තිය නැවත ලබා ගැනීම සඳහා ඇය බෝට්ටු පැදීම ආරම්භ කළ අතර, එය සිතුවාට වඩා ඇයට අනපේක්ෂිත මානසික ප්‍රතිලාභයක් ගෙන දෙන්නක් විය.
ඇය මෙයින් උපරිම මානසික සුවයක් ලබනවා සේම බෝට්ටු පැදීමේදී මිනිසුන් විසින් ගංගා දෙපස ප්ලාස්ටික් වැනි දේ මගින් අපිරිසුදු කර ඇති අයුරු දැක ඒ වෙනුවෙන් හඬ නගන්නට විය.
ලිසී දැන් උද්වේගකාරී පරිසර හිතකාමී තරුණියකි. ඇය ගංගාවල පාරසරික දූෂණය පිළිබඳව ඊට විරෝධීව හඬ නගන කාන්තාවකි. ඇය දැන් වෙනදාටත් වඩා උද්වේගකාරීව, ඉලක්කයක් සහිතව ගමන් කරයි.
පිළිකාවක් නිසා ස්වකීය ජීවිතයේ සියලුම සිහින, සිහිනයක් ලෙසින්ම සිතන කාන්තාවන්ට ඇය හොඳ ආදර්ශයකි.
(ඩේලිමේල් ඇසුරිණි)