නොමේරූ දරුවන්ගේ වර්ධනය නිරීක්ෂණය සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදුන් පළමු අග්නිදිග ආසියාතික රට බවට ලංකාව පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
තවද ශ්‍රී ලංකාව මාතෘ හා ළදරු සෞඛ්‍ය රැකවරණය සම්බන්ධයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රට ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නම් කරනු ලැබ ඇත. ඒ ඔවුන්ගේ වෙබ් අඩවියට එක්කර තිබූ වාර්තාවකිනි.
එම වාර්තාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ නොමේරූ දරුවන් වසරකට 24,500 ක් උපත ලබයි. එම දරුවන් මාස 06 ක් ගත වනතුරු ඔවුන්ගේ බර, දිග හා හිසේ වට ප්‍රමාණය නිරීක්ෂණය කරන අයුරේ මෙම නවතම නිරීක්ෂණ ක්‍රමවේදය මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඔක්තෝබර් මාසයේදී හඳුන්වාදී ඇත.
තවද එම වාර්තා වේ සටහන් වන්නේ මවුකිරි ලබාදීමේ ප්‍රතිශතය ලොව ඉදිරියෙන්ම සටහන් වන රට වන්නේද ශ්‍රී ලංකාව වන බවත්, ළදරු හා මාතෘ මරණ අවම අගයක සටහන් වන රටවල් අතර සංවර්ධිත රටවල දත්ත හා සමව ශ්‍රී ලංකාව පවතින බවත්ය.
එහෙයින් ශ්‍රී ලංකාව මාතෘ හා ළදරු සෞඛ්‍ය රැකවරණයෙහි ලොව ඉදිරියෙන්ම සිටින රට වන බවද එම වාර්තාව මගින් පෙන්වාදී ඇත.