යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් වසන්තනගර් සහ මුරුකණ්ඩි අතර අද (26) උදෑසන යුදහමුදා කැබ් රථයක් සහ ලොරියක් ගැටීමෙන් යුදහමුදා සෙබලෙකු මිය ගොස් තවත් 09 දෙනෙකු තුවල ලබා ඇතැයි මන්කුලම් පොලීසිය පැවසීය.

ඒ්- 9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් සිට කිලිනොච්චිය දෙසට යුදහමුදා කැබ්රථය ධාවනය වී ඇති අතර ඒ දෙසටම පිටුපසින් ලොරියක්ද ධාවනය වී ඇත. එහිදී ලොරිරථය කැබ්රථය පසුකොට යාමට ගත් උත්සයකදී ඉදිරියෙන් තවත් වාහනයක් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වීම හේතුවෙන් ලොරියේ රියදුරු ඒකවරම ලොරිය කැබ්රථය දෙසට හරවීමෙන් කැබ්රථයේ ලොරිය ගැටී ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.

අනතුරුව කැබ්රථය පිටුපස ගිය යුදහමුදා සෙබලුන් දෙදෙනෙකු ඉන් විසවී ලොරියේ ගැටී ඇති අතර ඒ් සමගම ලොරි රියදුරු ඔවුන් බේරීමට ගත් උත්සහයකදී ලොරිය පෙරලී ගොස් ඇත.

අනතුරින් කැබ්රථයේ ගිය යුදහමුදා සෙබලුන් සහ ලෙරි රථයේ රියුදරු ඇතුලු 09 දෙනෙකු තුවල ලබා කිලිනොච්චිය මහරෝහලට රැගෙන ගොස් ඇති අතර ලොරියේ ගැටුනු එක් යුදහමුදා සෙබලෙකු එම ස්ථනයේම මිය ගො ඇතැයි පොලීසිය පැවසීය.

මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි යුදහමුදා සෙබලෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් මන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

0 comments

Leave a Reply

Post Comment