කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසීය.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසීය.
දඩුවම් කාලය අවසන්විමට පෙර නිත්‍යානුකුල නොවන ආකාරයෙන් බන්ධනාගාර රැදවියන් 1,181 දෙනෙකු පසුගිය වසර හයක කාලය තුලදි බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පලාගොස් ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව - බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව - උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා පැනවූ ඇඳිරි නීතිය මෙසේ ඉවත් කර තිබේ.
ලොව විශාලතම උඩවැඩියා ශාඛය ලෙස සැලකෙන උඩවැඩියා ශාඛයක යෝධ උඩවැඩියා මල් ගොන්නක් මේ දිනවල පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිපී තිබේ.
බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතුය -නාමල් රාජපක්ෂ
මොස්කව් නුවර පිහිටි ඉතාලි අවන්හලක් තුළ ගෙදරදීම සාදන ලද පුපුරන ද්‍රව්‍ය උපාංගයක් පුපුරුවා හැරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය ආරක්ෂක අංශ නිලධාරීන් උපුටා දක්වමින් වාර්තා කරයි.
ඉරානය සමඟ ’’ඉක්මනින්’’ ගිවිසුමකට පැමිණීමේ හැකියාව මත ඉරානයට එරෙහිව එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර අවලංගු කළ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මහර බන්ධනාගාරයේ ඊයේ සිදුවූ නොසන්සුන්තාව මේ වන විට සමනය වි ඇති නමුත් සාමය ඇති කිරිම වෙනුවෙන් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වූට්ලර් මහතා පැවැසීය.
නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පොලිසිය විසින් රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ. මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ මැඩපැවැත්වීම මූලික අරමුණ කරගනිමින් මෙම පියවර ක්‍රියාත්මක කර තිබේ.
මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ. එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ රැඳවියෙක් මිය ගොස් තිබේ.
මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබේ. බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ. මතුව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.
ප්‍රාදේශීය වශයෙන් සමාජ සහ ආර්ථික දියුණුව ළඟා කරගත හැකි අන්දමින් ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පුළුල් විරෝධයක් මතුවීමත් සමඟ, තම පාලක මණ්ඩලයේ ප්‍රධාන තරඟාවලිවල කොටස් විකිණීම සඳහා වූ මතභේදාත්මක සැලැස්ම අත්හැර දැමූ බව ෆීෆා (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගියේය.
ජනතාවට බෙදා දීමට ලැබුණු රජයේ (අස්වැසුම) ආධාර මුදල් ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව තමන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම් වලට දාමාගත් නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිලධාරිනියන් දෙදෙනකු සැකපිට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් අවභාවිතයන් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් CID සහ අල්ලස් කොමිසමට කරුණු යොමු කිරීමට කෝප් කමිටුවේ අවධානය
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
පොලිසියේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ඉකුත් වසර පහක කාලය තුලදි (2021-2025) මහජන පැමිණිලි 11,859 ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලැබි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
දස වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍ර
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුරුළුවැව සහ මනන්කට්ටිය ඇතුළු මහා වැව් මෙන්ම කුඩා වැව් ගණනාවකම ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් පහත බැසීම හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතය, කෘෂිකර්මාන්තය මෙන්ම සත්ව පාලන කටයුතු ද දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
මැදපෙරදිග ගැටුමෙන් පැන නගින පීඩනය අවශෝෂණය කර ගැනීමට ආර්ථිකයට උපකාර කිරීම සඳහා හා ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුමක් ලංකාවට අනුමත කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මරණ දඬුවම නියම කර තිබේ.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතියේ සංවර්ධන කටයුතු සහ නව නල පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ආනයනය කළ පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට මගී ප්‍රවාහනයට යොදවන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි. මෙම බස් රථ කොළඹ නගරය ආවරණය කරමින් ධාවනය කිරීමට නියමිතය.
මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව දැනට පවතින ඉන්ධන මිල ගණන් ලබන මාසයේද ක්‍රියාත්මක් වෙයි. ඉන්ධන මිල සුත්‍රය අනුව සෑම මසකම අවසන් දින ඉන්ධන මිල සංශෝධනයක් සිදු වෙයි.
නව යුද හමුදාපතිවරයා වශයෙන් ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මත එම පත් කිරීම සිදුකර ඇත. ඔහු ශ්‍රී ලංකාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
2026 වසරේ මේ වන තෙක් මාස කීපයක කාලය තුළ රු.මි.772 ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, එෆ්.යූ. වුට්ලර් මහතා සදහන් කරයි.
බන්ධනාගාර රැදවියන් 1,021 දෙනෙකු ඉකුත් වසර පහක කාලය තුලදි (2020 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31) මියගොස් ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.