තමා සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ ප්‍රකාශ කිහිපයක් නිසා ඇති වූ  අපහාසයට රුපියල් මිලියන දහසක (1000) වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නීතිඥයෙකු මාර්ගයෙන්  එම අමාත්‍යවරයාට  එන්තරවාසියක් යවා  තිබේ.

 එම ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ   දින 14 ක් තුළ අදාළ මුදල සේවාදායකයා වෙත ගෙවන ලෙසය. මුදල ගෙවීම පැහර හැරියහොත්  එම මුදල හා  නෛතික පොලිය අයකර ගැනීම සඳහා  නඩුපවරන බව සඳහන් කර ඇත.

 අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය 22 වන දින හා 24 වන දින සිදුකළ ප්‍රකාශ කිහිපයක් නිසා සිදුවී ඇතැයි කියන අපහාසය මුල් කර ගෙන මේ එන්තරවාසිය යවා තිබේ.  

0 comments

Leave a Reply

Post Comment