ජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වී ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල්  බෑගයක් ලැබුණු බව පවසමින් ඊයේ (25) හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිලි කලහ .

හාලිඇල මැදපිටගම  ප්‍රදේශයේ පදිංචි එච් .බංඩාර නැමත්තෙකු මෙසේ තමන්ට රජයෙන් ලබා දුන් සහල් පරිභෝජනයට නුසුදුසු අයුරින් පවතින බව පවසමින් ලැබුණු සහල් වලින් කොටසක් ද  රැගෙන හාලිඇල  සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නේය .

හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක තනුජය ප්‍රදීප් මහතා මේ සම්බන්ධයෙන් සදහන් කලේ රජය මගින් නොමිලේ ලබා දුන් සහල් කිලෝ 10 ක් අඩංගු සහල් බෑගයේ තිබූ සහල් නරක්වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව පවසමින් සහල්  රැගෙන  හාලිඇල  මැදපිටගම ප්‍රදේශයේ පුද්ගලයකු හාලිඇල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ පැමිණිලි කල බවත් , ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු කරන බවයි .

හාලිඇල ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් ඇම් .සී.වීරසිංහ මහතා පැවසුවේ මේ දිනවල රජය මගින් ජනතාවට නොමිලේ ලබා දෙන සහල් බෙදා දීමේ කටයුතු හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ සිදු කරන බවත් , ඉන් එක් අයෙකුට පමණක් නරක්වූ පරිභෝජනයට නුසුදුසු සහල් ලැබුණු බවට දැනුම් දුන් බවත් ,  ඔහුට ඒ වෙනුවට වෙනත් කිලෝ 10ක සහල් බෑගයක් ලබා දුන් බවත් සදහන් කළේය . ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් හෙතෙම පැවසීය .

ඇල්ල ප්‍රසාද් රුක්මාල්

 

0 comments

Leave a Reply

Post Comment