බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පෙට්‍රල් ,ඩීසල්,භූමිතෙල් ,ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රව්කෘත පෙට්‍රෝලියම් වායු (LPG) සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, පිරිපහදු කිරීම .බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද, මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රනයක් නොමැත.

පුද්ගලික ආයතන රාශියක්ද ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය සහ බෙදා හැරිම සඳහා සම්බන්ධ වී සිටින බැවින් ඒම අංශයේ අභියෝගවලට විසඳුම් සෙවීම , නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවිම සහ පාරිභෝගිකයින්ගේ , ආයෝජකයින්ගේ හා අනෙකුත් පාර්හවකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන,ගතික,ඵලදායි හා කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක අවශතාව හඳුනාගනු ලැබ ඇත.

ඒබැවින් ,ඒ් පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරිම සහ නීතිමය රාමුවක් සකස් කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ. 

0 comments

Leave a Reply

Post Comment