පොලිස් නිළධාරීන්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන විනය පරීක්ෂණ විධිමත්ව හා කඩිනමින් අවසන් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාගේ උපදෙස් මත විනය කමිටුවක් පත් කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති අතර එහි එහි සෙසු සාමාජිකයින් ලෙස ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ⁣ඩබ්. පී.ජේ. සේනාධීර ,  විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා යන නිලධාරීන් පත් කර තිබේ.

මෙම කමිටුව ඉකුත් 26 පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර කමිටු නිර්දේශ සහිත වාර්තාවක් එහිදී පොලිස්පතිවරයා වෙත භාර දී තිබේ.

වසර 03 කට වඩා වැඩි කාලයක් පොලිස් නිළධාරීන්ට එරෙහිව සිදුකරන මුලික විමර්ශන 295  සහ වසර 03 කට වැඩි කාලයක් පවතින විධිමත් විනය පරීක්ෂණ 253 ක් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම කමිටුව විසින් පොලිස්පතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

මීය අමතරව විමර්ශන  අවසන් කර ඇති නිළධාරීන්  42 ක් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග එහිදි පොලිස්පතිවරයා වෙත වාර්තා කර තිබේ.

එසේම, මෙම කමිටු වාර්තාව මගින් පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් විනයානුකුලව කටයුතු කිරීමේදී ගත යුතු කෙටි කාලීන සහ දිගු කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු 33 කින් සමන්විත යෝජනාවලියක්ද ඉදිරිපත් කර ඇති අතර, ඉදිරියේදී පළාත් මට්ටමකින් වැඩමුළු පවත්වා කඩිනමින් විමර්ශන අවසන් කිරීම සදහා වන විනය කාර්ය පටිපාටිය පිළිබදව ද අදාල නිළධාරීන් දැනුවත් කිරීමටද සැලසුම් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

0 comments

Leave a Reply

Post Comment