ආණ්ඩුව පෙරලුවෙත් කෝච්චියෙන් ගිහිල්ලා,රනිල් ජනපති කරන්නෙත් කෝච්චියෙන් ගිහිල්ලා යයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද(27) පස්වරුවේදී හික්කඩුවේදී කීවේය.

ඒ මහතා එසේ කීවේ මෙවර එක්සත් ජාතික පක්ෂයේ දකුණේ අය මැයි දිනය සදහා කොළඹට ගමන් කරනුයේ කෝච්චියෙන් යන බව රත්ගම හා අම්බලන්ගොඩ එක්සත් ජාතික පාක්ෂිකයන් දැනුවත් කිරීම නිමිත්තෙන් පැවති රැස්වීමකදීය.

මෙවර දකුණෙන් පමණක් සිය පාක්ෂිකයන් මැයි දිනය සදහා ලක්ෂයක් සහභාගී කරවන බවත් මෙවර සිය පක්ෂයේ තේමාව ජනපති රනිල්ට කෘත ගුණ සැලකීමේ මැයි දිනයක් බවත් වජිර මහතා කීය.

මෙවර ජනපති සටන රනිල් එන්නේ පක්ෂයකින් නොවන බවත් ඔහු එන්නේ ස්වාධීන බවත් මෙහිදී වජිර අබේබවර්ධන මහතා කීය.

එහිදී රනිල් ජනපති කරවීමේ මුල් අදියර සදහා මැයි දිනයට දකුණේ අය යන්නේ කෝච්චියෙන් බවත් වජිර මහතා කීය.

0 comments

Leave a Reply

Post Comment